කන්තලේ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියෝ!

පාර හදලා දෙන්නෙත් නැහැ, පැමිණිලි විභාගයට පොලීසියට එන්නෙත් නැහැ

කන්තලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අග්බෝපුර, කම්කරු සෙවණ මාවත දෙපස පිහිටි නිවාස වැසි සමයේදී වැසි ජලයෙන් යටවීම වසර හතක පමණ කාලයක සිට සිදුවන ගැටලුවකි.

මෙම තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල්වල සාමාජිකයන් දිස්ත්‍රික්කයේ වගකිව යුතු නිලධාරීන්ට පැමිණිලි කළ විට, අදාළ නිලධාරීන් පවසා ඇත්තේ මෙම ගැටලුව ප්‍රාදේශීය සභාවට අයත් බැවින් ප්‍රාදේශීය සභාව මඟින් එය විසඳා ගත යුතු බවයි. එහෙත්, ප්‍රාදේශීය සභාවට අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නද කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැති බවට පීඩාවට පත් පුරවැසියෙකු අප මධ්‍යස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත.

කන්තලේ ප්‍රාදේශීය සභාව විසින් නිසි පරිදි නඩත්තු නොකරන මාර්ගය හේතුවෙන් තම නිවාස වැසි ජලයෙන් යටවීම මහජන පීඩාවක් බව සඳහන් කරමින්, එක් පුරවැසියෙකු කන්තලේ පොලීසිය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහෙත්, එම පැමිණිල්ල විභාග කිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හෝ වෙනත් බලයලත් නිලධාරියෙකු සහභාගී නොවීම හේතුවෙන් පීඩාවට පත් පුරවැසියන් තවදුරටත් අසරණ තත්ත්වයකට පත්ව සිටිති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.

කන්තලේ අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0761366919

එසේත් නැතිනම්,

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100

 

Social Sharing
නවතම පුවත්