
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් සේවාව මේ වනවිට පැය 24 පුරා ක්‍රියාත්මක බව එම මෙහෙයුම පවසයි.
1818 ක්ෂණික ඇමතුම් අංකය “රටම එකට” ප්‍රධාන කාර්යාලය හා මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථානගත කර ඇති අතර, දිවයින පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් සහ ඒ ආශ්රිත සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදීම සඳහා එය ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව, විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ ඕනෑම වැදගත් තොරතුරක් රටේ ඕනෑම ප්‍රදේශයක සිට 1818 අංකය අමතා මහජනතාවට ලබාදිය හැකිය.
තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන් ආරක්ෂා කරන බවද සඳහන් කර ඇති අතර, ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එම වැඩසටහන පවසයි.
මෙම සේවාව ජනාධිපති කාර්යාලයේ සහ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ සම්බන්ධීකරණය කෙරේ.
ඒ අනුව, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් හෝ ඒ හා සම්බන්ධ වෙනත් සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ නිවැරදි තොරතුරු ඇත්නම්, ඕනෑම වේලාවක 1818 ක්ෂණික ඇමතුම් අංකය අමතා ආරක්ෂක අංශ වෙත දැනුම්දීමට මහජනතාවට හැකියාව පවතී.
