මර්ධනකාරී නීති : වෛරී සහගත ලාබ චූන් එකක්, එය සමාජයට පිළිලයක්! – මහාචාර්ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) වගන්තිය මගින් පුද්ගලයෙකු වැරදිකාරයකු බව ඔප්පුවෙන් තුරු නිර්දෝෂී යැයි සැලකීමේ මූූලධර්මය අවධාරණය කළේය. විශේෂයෙන්ම ඇතැම් අවස්ථාවල මහේස්ත්‍රාත්වරයාට ඇප ලබා දීමට ඇති සීමාව හේතුවෙන් අහිංසක පුද්ගලයින්ට දිගු කාලයක් බන්ධනාගාරයේ සීටීමට සිදුවිය හැකි බව ඔහු සඳහන් කලේය.

මෙවැනි තත්වයන් තුළ ඉහළ නිලධාරින්ද වින්දිතයින් කෙරෙහි අමානුෂික ලෙස කටයුතු කිරීමද ගැටලුවක් බව ඔහු සඳහන් කළේය. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට උසාවි කටයුතු සඳහා ඉහළ පෙළේ නීතිඥයන්ගේ සේවය ලබා ගැනීමට විශාල වියදමක් යන අතර, මහාධිකරණය කොළඹ පිහිටි ඇති හෙයින් කිහිප වරක් උසාවි පැමිණීමට ද ඔවුන්ට දැඩි අපහසුතාවයක් ඇති කරන බවයි ඔහුගේ අදහස විය.

මෙයට විසඳුමක් ලෙස සමරජීව මහතා විසින් විෂ ද්‍රව්‍ය, අබිං සහ අන්තරායකර ඖෂධ යටතේ පවතින ඇප සම්බන්ධ බලතල නැවත සලකා බැලීම, විශේෂයෙන් 83 වන වගන්තිය ඉවත් කිරීම, පොලිස් නිලධාරීන්ට Body Camera පැළඳවීම මගින් පොලිස් ක්‍රියාකාරකම් විශ්ලේෂණය කිරීම වැනි යෝජනා ඔහු විසින් කරන ලදී.

තවද මත්ද්‍රව්‍ය ගැටලුවට විසඳුම් සෙවීමේදී එය වැළැක්වීම පමණක් නොව ඇබ්බැහි වීමෙන් පීඩා විඳින පුද්ගලයෙන් කෙරෙහි අවධානය යොමු කර ප්‍රතිකාර හා පුනරුත්ථාපනය ශක්තිමත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

Social Sharing
අවකාශය නවතම