පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නැවත අත්හිටුවයි!

පරාටේ නීතිය

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් දීර්ඝ කර ඇත.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා ක්‍රියාත්මකවන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන බව මුදල් අමාත්‍යංශය මඟින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වී තිබේ.

ඒ අනුව නිවේදනය නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසා සිටින්නේ මුල දී මාර්තු 31 දක්වා අත්හිටුවන ලද පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇත.

මුදල් අමාත්‍යාංශයට අනුව, රුපියල් මිලියන 25 ට අඩු ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා දීර්ඝ කිරීම අදාළ වන අතර රුපියල් මිලියන 25-50 ක ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීම අදාළ වේ. එමෙන්ම රුපියල් මිලියන 50 ඉක්මවන අයට 2025 ජුනි 30 දක්වා දීර්ඝ කිරීම  අදාළ වන බව මුදල් අමාත්‍යාංශය තවදුරටත් ප්‍රකාශ කරයි.

2025 මාර්තු 31 වන දිනට පෙර තම අදාළ බැංකු සමඟ සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් මෙම ප්‍රතිලාභ ලබා ගත හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

Social Sharing
නවතම පුවත්