අනුර සහෝදරයාගේ Clean Sri Lanka වැඩපිලිවෙල ඊයේ (01) පටන් ගත්තා. ආරම්භය උළෙල නං ලස්සනයි. Clean. ඔය වගේම වැඩසටහන්, ඔය වගේම සමාරම්භක උළෙලවල් අපි ඕනි තරම් දැකලා තියනවා. ඒවායේ නියමු ව්‍යාපෘතිය කරපු තැන්වල අද තත්වයත් අපි දන්නවා. ලංකාවේ පාසැල් සිසුන් ඇතුළු සියලු ජන කණ්‌ඩායම් එකතු කරගන්නවා කියලා තමයි ඔය හැම ව්‍යාපෘතියක්ම පටන් ගත්තේ. එක එක ජනාධිපතිවරුන්ගේ සංකල්ප කියලා තමයි ඒවා පටන් ගත්තේ. අන්තිමට ඒවායින් ලොකුම පරිප්පුව කෑවේ අපේ පාසැල් දරුවෝ. පොඩි එවුන් එක එක වැඩවලට කියලා එහාට මෙහාට ඇඳලාම උන්නේ හොඳ පණ යනවා. ඒ වෙනුවෙන් පොඩි උන්ට වැඩිම උනුත් කිරි පැකට් එකකුයි, සැන්විචස් කැල්ලකුයි හම්බවෙන්න ඇති.
ඔය වගේ ව්‍යාපෘතිවලට අනුබද්ධව ක්‍රියාත්මක කරන තව ව්‍යාපෘති ගණනාවක් තියනවා. ඒවා හදලා තියෙන්නේ තනිකරම ගසා කන්න, නැත්තං ලකුණු දාගන්න. ඒවට වෙනම සෙට් එකක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්නවා. අනුර සහෝදරයාගේ Clean Sri Lanka වැඩපිලිවෙලට ඒ ඉරණම අත් නොවේවා කියලා ඉස්සෙල්ලාම ප්‍රාර්ථනය කරනවා.
පාර්ලිමේන්තුව clean කළා වගේ ඉරණමක් නං ඔය ව්‍යාපෘතියට අත්වෙන්න දෙන්න එපා කියලා අනුර සහෝදරයගෙනුත් ඉල්ලනවා. පාර්ලිමේන්තුව Clean කරන්න ගිය වැඩේ පුදනකොටම කාපි යකා හැඩෙන් අවසන් වුනා. ඊළඟට ගෝඨාභයගේ කාබණික පොහොරවලට හුරුකිරීමේ ජාතික ව්‍යාපෘතියත් මේ රටේ මිනිස්සූ දැක්කා.ඒ වගේ විහිළුවක් කරන්නත් එපා.
මේ දක්වා පත්වුන ජනාධිපතිවරුන්ගේ එක එක සංකල්ප ගැන කියමින් ඉදිරිපත් කරපු ඔය වගේ ව්‍යාපෘති ගොඩක තිබුණේ ඡන්ද ඉලක්කයක් මිසක් ඒ කියන සංකල්පීය කාරණාවලට අදාල ඉලක්කයක් නෙවෙයි.ඒ ව්‍යාපෘතිවලින් වැඩි වශයෙන් සිද්ධවුනේ රටේ ජාතික ධනය නාස්තිවීම විතරයි.ඒක අනුරගේ ආණ්ඩුව යටතේ නොවෙයි කියලා සහතිකයක් දෙන්න කාටවත් බෑ.
ගෝඨාභය පළවෙනි පාර්ලිමේන්තු සැසිය විවෘත කරපු දවසේ කරපු වියදම ගැන කියමින් ඒ දවස්වල පොලොවේ හැපි හැපී පස් කෑවේ ජවිපෙ කට්ටිය.හැබැයි අනුර විවෘත කරපු පාර්ලිමේන්තු සැසියට ඊට වඩා ලොකු මුදලක් වියදම් කළා. අන්තිමට රජයේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද කිව්වේ ඒක ආගන්තුක සත්කාරයක් විතරයි කියලයි.ඒක නිසා Clean Sri Lanka වැඩපිලිවෙලත් ඒ ජාතියේ ආගන්තුක සත්කාර කරන තැනක් කරන්න එපා.
අනුර Clean Sri Lanka ගැන කියන කථාව ලස්සනයි. ලස්සන විතරක් නෙවෙයි ඒකේ පොඩි ගැඹුරකුත් නැතිවාම නෙවෙයි. හැබැයි ඉතින් ඊයේ කතාවේ අලුත් දෙයක් නං තිබුණේ නෑ. ඔය මොන ව්‍යාපෘති අනුර, ජවිපෙ සහ මාලිමාවෙන් උස්සගෙන ආවත් ජවිපෙට අනන්‍ය ගෝත්‍රික මානසිකත්වයෙන් අයින් නොවී ඔය එකක්වත් සාර්ථක කරගන්න බෑ. ජවිපෙ සහ මාලිමාවේ ඔය තියෙන ගෝත්‍රික මානසිකත්වයෙන් අයින් නොවෙන තාක් ජවිපෙ කියන්නේ මෙලෝ දෙයක් කරන්න බැරි මෙලෝ රහක් නැති පක්ෂයක්.
ජවිපෙ ඇතුලේ තියෙන්නේ තමන්ගේම කුලේ අයත් එක්ක විතරක් වැඩ කරන මානසිකත්වයක්. එයාලගේ කුලේ ජවිපෙ නැත්තං මාලිමාව. ඔය දෙක හරියට සමාන්තර කුල දෙකක් වගේ. එයාලට ඒ කුලේ අයත් එක්ක විතරමයි වැඩ කරන්න පුළුවන්. අනිත් කුලවල අයත් එක්ක වැඩ කරන්න බෑ. නිකං හිතන්නකෝ ගමක මොකක් හරි කුලයකට අයිති මනුස්සයෙක් කඩයක් දාලා තියනවා කියලා.
ඒ මනුස්සයා ඒ කඩේ බඩු විකුණන්නේ තමන්ගේ කුලේ අයට විතරයක් නෙවෙයිනේ.තමන්ගේම කුලේ අයට විතරක් බඩු වික්කොත් ඒ වෙළදාම වැඩි දවසක් පවතින්නේ නෑ.ජවිපෙටත් වෙලා තියෙන්නේත් ඒක.අනුරලාට ජවිපෙ කියන කුලෙන් පිට හිතන්න බෑ. ඒ සීමාව බිඳගෙන විවෘත සමාජයට එන්න තේරෙන්නේ නෑ. හැබැයි එහෙම ආවේ නැත්තං ජවිපෙට මේ අවුරුදු කීපයෙන් පස්සේ ආයේ පැවැත්මක් නෑ.
සමහරවිට ඒක අවුරුදුවලින් නෙවෙයි මාස ගණන්වලින් උනත් තීරණය වෙන්න පුළුවන්. රටේ රාළ මේ කියන්නේ ජවිපෙන් තව මාස කීපයකින් බලය ගිලිහෙනවා කියලා නෙවෙයි. බලය අතේ තියාගෙන උනත් පැවැත්ම නැතිවෙන්න පුළුවන්. රටක ආර්ථික අර්බුදයක් එක්ක පොරබදද්දී කුල ගෝත්‍ර කතා පැත්තකින් තියලා කවුරුත් රටේ ආර්ථික ක්‍රියාවලිය එක්ක බැදෙන්න ඕනි.
නිකං හිතන්නකෝ රනිල් ගෙනාව ආර්ථික ක්‍රියාවලියේ අඛණ්‌ඩතාවය අනුරට ඉස්සරහට ගෙනියන්න බැරි උනොත් මොකක් වෙයිද කියලා. අනුරට වෙන්නේ Clean Sri Lanka පැත්තකින් තියලා bye bye Sri Lanka කියන්න තමයි. ජවිපෙ එක තැනකදී ජවිපෙ කුලෙන් අයින් වෙලා මාලිමා කුලේ ඉස්සුවා. දැන් ඒකත් ඉවරයි. තවදුරටත් ජවිපෙ හරි මාලිමාවේ හරි ගෝත්‍ර සංකල්පවලට මේ රටේ ඉඩක් නෑ. දැන් ජවිපෙ කරන්න ඕනි ඔය ඕනිම වැඩකට හොඳ දැනුම් තේරුමක් තියෙන මිනිස්සු ටිකක් මැදිහත් කරගන්න එකයි. මේ වෙලාවේ ඒක කරන්න ජාතික ආණ්ඩු හරි සර්වපාක්ෂික ආණ්ඩු හරි ඕනි නෑ.
හැබැයි අනුර දක්ෂ වෙන්න ඕනි ජාතික එකඟතා වැඩපිලිවෙලක් මාලිමා ආණ්ඩුව යටතේම ක්‍රියාත්මක කරන්න. මේ කතාව කියපු ගමන් මෝඩ ජෙප්පෝ හැතිකරේම අපිට ගහන්න එන්නේ රෙදි නැතිව. අපිට හොරුත් එක්ක එකතු වෙන්න බෑ කියලා මැරෙන්න හදයි. රටේ රාළ කියන්නේ හොරුත් එක්ක එකතු වෙන්න කියලා නෙවෙයි. හොරුන්ට දඩුවම් කරන්න. ඒකට අපිත් එකඟයි.
හැබැයි මෙතන ඉන්නවා ජවිපෙ දේශපාලන වාසියට හොරු කියලා ලේබල් ගහපු හොරු නොවෙන පිරිසක්. ඒ වගේම මේ සමාජයේ ඉන්නවා ඇත්තටම රට හදන්න කැප වෙන්න කැමති පිරිසක්. මේ දෙගොල්ලොම ජවිපෙ එක්ක නෑ. අද ජවිපෙ එකක් ඉන්නේ ජවිපෙ ඔය කියන හොරුන් විසින් ජවිපෙට ඇතුලේ plant කරපු අය. ඇත්තටම ජවිපෙ තවම ඒ බළල් අත් අදුරගෙනවත් නෑ. දැන් හොරු හදන්නේ ඒ බළල් අත් පාවිච්චි කරගෙන කොස් ඇට බාවන්න.
ඒ කියන්නේ හොරු අල්ලන්න ආපු ජවිපෙ දැන් හොරුන්ට අහුවෙලා. ඒ හොරු ජවිපෙත් හොරු ගොඩට ඇදලා දාන එක දානවාම තමයි. දැනුත් සෑහෙන දෙනෙක් එතෙන්ට වැටිලා. තව දුරටත් අනුරට ඔය කියන ගමන යන්න අවශ්‍ය මිනිස්සු ටික තෝරගන්න බැරි නං Clean Sri Lanka වැඩපිලිවෙල කියන්නේ එක්කතරා කාලයක හිටපු ජනාධිපති කෙනෙක් තමන්ගේ නම හදාගන්න පත්තු කරපු පුස් වෙඩිල්ලක් විතරක් කියලා ඉතිහාසයට එකතුවෙයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.