වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම ඉවත දමන්නැයි නීතිපති කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

 

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

එම පනත් කෙටුම්පතට අභියෝගයට ලක්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන සුනිල් ජයසේකර හා උදය කළුපතිරණ ඉදිරිපත් කර තිබූ පෙත්සම අගෝස්තු 07 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුකර තිබේ.

එදින ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් අගෝස්තු 11 දින ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසයි.

එම පනත් කෙටුම්පත සම්මත වී යෝජිත ආයතනය ස්ථාපිත කරනු ලැබුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට සීමා පැනවෙනු ඇතැයි එම පෙත්සම මගින් කියා ඇති අතර ඒ අනුව අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් හා ජනමත විචාරණයකින්ද සම්මත කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

උපුටා ගැනීම What News

Social Sharing
නවතම පුවත්