රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබේ. ප්‍රදේශවලට අනුකූලව කථන භාෂාවන් වෙනස් වීමේදී රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත් නොකිරීම අදාළ ක්‍රියාවලියෙහි අරමුණ බව නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට රාජ්‍ය සේවයේ නියුතු මෙරට ප්‍රධාන භාෂා හොඳින් හසුරුවන පිරිස් මූලික කරගනිමින් අදාළ සංචිතය සකස් කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

Social Sharing
නවතම පුවත්