පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට එකවර ස්ථාන මාරුවීම්!

139 Police OICs transferred at once

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට එකවර ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 කට සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු මෙම පිරිසට අයත් බවයි සඳහන් වෙන්නේ.

මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි මස 13 වනදා සිට සහ 18 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් අදාළ ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 

 

 

Social Sharing
අවකාශය නවතම