Clean Sri Lanka වෙන් දරුවො clean out! – තුෂ් වික්‍රමනායක

දරුවන් පිළිබදව තවමත් නිසි අවධානයක් යොමු නොවීම පිළිබදව stop child cruelty සංවිධානයේ වෛද්‍ය තුෂ් වික්‍රමනායක මිය විසින් අනුර කුමාර ජනාධිපතිවරයා වෙත ලිපියක් ඇයගේ මුහුණු පොත හරහා යොමු කර තිබේ. එම ලිපිය මගින් ශ්‍රී ලංකාවේ දරුවන් වෙත දිගින් දිගටම සිදු වන බරපතල ගනයේ අපරාධ ඇතුළු සිදුවීම් පිළිබදව රජයේ විශේෂ අවධානය වහා යොමු විය යුතු බව පෙන්වා දී ඇත. එම සම්පුර්ණ ලිපිය පහත..

ගරු ජනාධිපතිතුමනි, Anura Kumara Dissanayake President’s Media Division

හතර වෙනි වතාවටත් රාජ්‍ය උත්සවයකදී ඔබ දරුවන් ගැන වචනයක් නොකීම තව දුරටත් සමාව දිය හැකි අතපසු වීමක් නොවේ. 2025 ජනවාරි 1 දායින් මෙලොව එළිය දකින අලුත්ම බේටා පරම්පරාවෙන්/beta generation (Gen Beta) කතාව පටන් ගන්න කියලා ඔබට කියා දෙන්න ස්වෙච්චාවෙන් සේවය කරන උපදේශකවරු තුන් දෙනාටත් හැකියාවක් නැත්නම් දරුවන්ට නෝ හෝප්!

ඔබ මිනිස් ජීවිත වල වටිනාකම ගැන, ජලයේ ගිලී මිය යාම, වාහන අනතුරු, පරිසරය, අලි මිනිස් ගැටුම, කාන්තාව, තරුණිය, ආබාධිත ප්‍රජාව, වැඩිහිටි ප්‍රජාව, වස විස නැති ආහාර, පොදු දේපල, ආර්ථිකය, නීතියෙ ආධිපත්‍යය, වංචා, දූෂණ, දේශපාලන අධිකාරිය, රාජ්‍ය සේවකයා, රාජ්‍ය නායකයා සහ අලුත් ආකල්ප ගැන කතා කලාට දරුවො ගැන නෝ කතා!

දිනකට පාසල් දරුවන් 1000ක් වත් ගුටි කන රටක, දරුවන්ට ගහලා මරණ රටක, වසරකට ළමා අපයෝජන 10,000 ක් පන්නපු රටක, ළමා අපයෝජන නඩු 40,000 ක් ගොඩ ගැහිලා තියන රටක, බාල වයස්කාර ගැබ් ගැනීම් ශීඝ්‍රයෙන් වැඩි වෙන රටක, ළමා ලිංගික අපයෝජන බරපතල අපරාධ වලින් 5ස් වන ස්ථානයට ඉහළ නගින රටක, පාසල් හැරයාම උපරිම වෙච්ච රටක, ළමා සහ යොවුන් මානසික රෝග/සිය දිවි හානි කර ගැනීම් දකුණු ආසියාවේ ඉහළ රටක දරුවො ගැන කතා නොකිරීම නෝ ජෝක්!

පහල පිංතූරෙ 2022 අරගලයේදී මෙරට පුරවැසි දරුවන් වෙනුවෙන් පෙනී හිටියේ Stop Child Cruelty Trust ඇතුලු ළමා ආරක්ෂණ සන්ධානය පමණයි. එදා දර්ශනයක් නැති රාජ්‍ය නායකයෙක් නිසා මුලු සමාජයක් බංකොලොත් වුණා. 2025 දිත් රටක අවදානම වැඩිම ජන කොට්ටාසය ගැන නොසලකන, පැහැදිලි දර්ශනයක් නැති රාජ්‍ය නායකයෙක් සිටී නම් අදටත් ඒ සමාජයේ ආත්මයත්, අනාගතයත් පට්ට අඳුරුයි.

ජනාධිපතිතුමනි, ඉදිරි දින 100 දි වත් ළමා අයිතිවාසිකම් සහ ආරක්ෂාව ඉලක්ක කරගන්නා අභියෝගය දැඩිව ග්‍රහණය කරගෙන නැගිටින්න ඔබ සූදානම්ද – නැත්තම් Clean Sri Lanka වෙන් දරුවො ක්ලීන් අවුට් ද?!

ප්ලීස් අන්ධ භක්තිකයො ටිපර් වෙලා නැහෙන්න එපා – ගෑණු, පිරිමි, මල්, පළතුරු, සත්තු ගැන කියනව නම් දරුවො ගැනත් විශේෂයෙන් කිව යුතුමයි. සරලයි!!

#InOurHands #අපේඅතේ #EveryChildEveryRight

Social Sharing
අවකාශය නවතම