දෙසැම්බර් 20 ඓතිහාසික දිනයක් – මහින්ද සිරිවර්ධන
ආර්ථික නවතම පුවත්

දෙසැම්බර් 20 ඓතිහාසික දිනයක් – මහින්ද සිරිවර්ධන

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ දෙසැම්බර් 20වැනිදා දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා X පණිවුඩයක් නිකුත්කරමින් පවසයි. ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බවත්,…

ෆිච් රේටිං ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි.!
ආර්ථික නවතම පුවත්

ෆිච් රේටිං ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි.!

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සියල්ල සාර්ථකව අවසන් වීම මත පදනම්ව ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය CCC+ මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ "ණය පැහැර හැර ඇති" තත්ත්වය නිල වශයෙන්ම ඉවත්…

ආර්ථිකය සම්බන්ධව විවේචන ඉදිරිපත් කළ යුත්තේ IMF රාමුවේ සිටයි – රනිල් වික්‍රමසිංහ
ආර්ථික නවතම පුවත්

ආර්ථිකය සම්බන්ධව විවේචන ඉදිරිපත් කළ යුත්තේ IMF රාමුවේ සිටයි – රනිල් වික්‍රමසිංහ

විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑමවිටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා. විපක්‍ෂයක් සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ප්‍රශංසා කරන්නට යන්නේ නැති වුවත් කරන විවේචන අයි.එම්.එෆ් රාමුව…

IMF එකඟතාවලට වඩා විදෙස් සංචිත වැඩි කළා – ආචාර්ය නන්දලාල් වීරසිංහ
ආර්ථික නවතම පුවත්

IMF එකඟතාවලට වඩා විදෙස් සංචිත වැඩි කළා – ආචාර්ය නන්දලාල් වීරසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලටත් වැඩියෙන් විදේශ සංචිත ගොඩ නැගීමට මහ බැංකුව සමත් වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (18) පුවත්පත් කතුවරුන් අමතමින් පැවසීය. ඒ අනුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන…

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව
ආර්ථික නවතම පුවත්

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව

ජනාධිපතිවරයාගේ ඉන්දියාවේ සංචාරය ඉතාම සාර්ථක බවයි මට හිතෙන්නේ. විදුලි රැහැන්, තෙල්නල හා පාලම් ඉදිරි කිරීම සම්බන්ධව ඉන්දියාවේ දී අත්සන් කළ ගිවිසුම් ශ්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් වේවි. ලංකාවේ තිබෙන බලශක්ති අර්ඹුදයට සාර්ථකව විසදුමක් ඉන්දියාව සමග…

ආර්ථික වර්ධනය 5.5% මට්ටමට..!
ආර්ථික නවතම පුවත්

ආර්ථික වර්ධනය 5.5% මට්ටමට..!

මෙම (2024) වසරේ තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.5%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ කර්මාන්ත අංශයේ 10.8%ක වර්ධනයයි. කෘෂිකාර්මික අංශය 3.0%කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශය…

ජාතික ගුවන් සේවය මංකොල්ලකාපු හැටි – ධනනාත් ප්‍රනාන්දු පැහැදිලි කරයි (වීඩියෝ)
ආර්ථික නවතම පුවත්

ජාතික ගුවන් සේවය මංකොල්ලකාපු හැටි – ධනනාත් ප්‍රනාන්දු පැහැදිලි කරයි (වීඩියෝ)

ඩොලර් මිලියන 200 ක් පාඩුකළ එයාර්බස් ගුවන් යානා ගනුදෙනුව ඇතුළු ගුවන් සමාගමේ මහා පරිමාන වංචාවන් සම්බන්ධව හෙළිදරව් කෙරෙන වීඩියෝවක් ඇඩ්වොකාටා ආයතනය විසින් නිකුත් කර තිබේ. මෙම වීඩියෝව මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ගුවන්…

නිහඬ වීරයෝ – දිනුත් විජේපාල
අවකාශය ආර්ථික නවතම

නිහඬ වීරයෝ – දිනුත් විජේපාල

පෙරේදා වෙච්ච කතානායක හුටපටෙත් එක්ක ගොඩක් මිනිස්සුන්ට පෙරේදා ලංකාවේ මෑත කාලේ වෙච්ච වැදගත්ම සිදුවීමක් මග හැරුණා. ඒ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) ප්‍රතිව්‍යුහගතකරණය නිමාවකට පත්වීමයි. රටේ සෑම පුද්ගලයෙක්ගේම ඉදිරි ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති සංකීර්ණ සංසිද්ධියක් ගැන…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?
අවකාශය ආර්ථික නවතම

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?

කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?" යන්නයි. මේ ප්‍රශ්නයේ විශේෂිත ආකාරයක් ලෙස "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියන්නේ ඇත්තද?" කියන ප්‍රශ්නය ඉදිරිපත් කළ…

ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිටුපස සිටි මිනිසුන් තිදෙනා
ආර්ථික නවතම විශේෂාංග

ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිටුපස සිටි මිනිසුන් තිදෙනා

ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර තිබෙනවා. ඒ බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කළා. වසර 2022 දී කඩා වැටුණු රටේ ආර්ථිකය අද පවතින තත්වයට උදා කර ගන්නට මේ මිනිසුන් තිදෙනා විසින්…

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් – මුදල් අමාත්‍යංශය
ආර්ථික නවතම පුවත්

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් – මුදල් අමාත්‍යංශය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර ඇති බවයි. දැනට පවතින…

උදයංගට හා කපිලට සම්බාධක පැනවුයේ දූෂණ මැඩලීමේ ක්‍රියාවලියට සහායක් වශයෙන් – ජූලි චන්ග්
ආර්ථික නවතම පුවත්

උදයංගට හා කපිලට සම්බාධක පැනවුයේ දූෂණ මැඩලීමේ ක්‍රියාවලියට සහායක් වශයෙන් – ජූලි චන්ග්

දූෂිත මිග් යානා ගණුදෙනුවට හා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධව කපිල චන්ද්‍රසේන හා උදයංග වීරතුංග ඇතුළු පවුලේ සැමට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරමින් සම්බාධක පැනවුයේ ශ්‍රී ලංකා රජයේ දූෂණ මැඩලීමේ…

ආණ්ඩුවලට බැරි වෙළෙඳපොළට හැකි බඩු  මිල පාලනය – සී ජේ අමරතුංග
ආර්ථික නවතම විශේෂාංග

ආණ්ඩුවලට බැරි වෙළෙඳපොළට හැකි බඩු  මිල පාලනය – සී ජේ අමරතුංග

ලෝකයේ මෙන් ම රටක ආර්ථිකය යනු සමාජයීය සංවිධානයකි. නිෂ්පාදකයෝ, පාරිභෝගිකයෝ, සහ අතරමැදියෝ කොටි ගණනක් එයට සම්බන්ධව සිටිති. ආර්ථිකය යනු ඒ සියල්ලන්ගේ සාමුහික ක්‍රියාකාරීත්වයකි. මෙම සමාජයීය සංවිධානයේ ඇතිවන ප්‍රශ්නවලට සමාජයීය විසඳුම් අවශ්‍ය වෙයි. එහි දී රජයකට…

ආදායම් බදු: ප්‍රශංසා දෙකක් සහ යෝජනා කිහිපයක් – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය ආර්ථික නවතම

ආදායම් බදු: ප්‍රශංසා දෙකක් සහ යෝජනා කිහිපයක් – මහාචාර්ය රොහාන් සමරජීව

ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ (ප්‍රථම) අවසාන දිනයේ එක්ස් (X)හි, කලින් ට්විටර් (Twitter) හි පළ කරන ලද බදු වාර්තාව ඔන්ලයින් ඉදිරිපත් කිරීම පිළිබඳ දීර්ඝ සටහනක් මම කියෙව්වෙමි. මෙය පරිගණක විද්‍යාව උගන්වන මගේ මිත්‍රයකු වන නිසංස…

ශ්‍රමික ප්‍රේෂණ අඩු වුනේ ඇයි?
ආර්ථික නවතම පුවත්

ශ්‍රමික ප්‍රේෂණ අඩු වුනේ ඇයි?

මෙම වසරේ පළමු මාස දහයක කාලය ඇතුළත, සමස්තයක් ලෙස, පෙර වසරේ එම කාලයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ වල 11.7%ක වර්ධනයක් දැකිය හැකි වුනා. වසරේ සෑම මාසයකදීමද දැකිය හැකි වූයේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ…

අතුරු අයවැය ඉතා කෙටියෙන්…
ආර්ථික නවතම පුවත්

අතුරු අයවැය ඉතා කෙටියෙන්…

සාමාන්‍යයෙන් වසරක් අවසන් වීමට පෙර ඉදිරි වසරේ රාජ්‍ය ආදායම් හා වියදම් ඇස්තමේන්තු සමඟ අයවැයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා නමුත් අලුත් ආණ්ඩුවට ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවන බැවින් මේ කටයුත්ත මාස කිහිපයකට කල් දමා තිබෙනවා.…

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට!
ආර්ථික නවතම පුවත්

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට!

වසර තුනකටත් වඩා දිගු කාලයකට පසුව පසුගිය ඔක්තෝබර් මාසයේදී නැවතත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරී තිබෙනවා. 2021 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය එහි විදේශ බැරකම් ප්‍රමාණයෙන් පහතට වැටුනා.…

නොවැම්බර් මාසයේදී පමණක් 22,000ට වැඩි පිරිසක් රැකියා සඳහා රට ගිහින්
ආර්ථික නවතම පුවත්

නොවැම්බර් මාසයේදී පමණක් 22,000ට වැඩි පිරිසක් රැකියා සඳහා රට ගිහින්

  මෙම වසරේ නොවැම්බර් මාසය වන විට රැකියාවන් සඳහා පුද්ගලයන් 291‚267 දෙනකු විදේශගත වී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව නොවැම්බර් මාසයේදී 22,000ට වැඩි පිරිසක් රට රැකියාවට ගොස් තිබෙන බව…

රාජ්‍ය සේවකයින් ලක්ෂ 5 1/2 ක් ඉවත් නොකළහොත් අනාගතය අනතුරේ.! – දුමින්ද හුලංගමුව
ආර්ථික නවතම පුවත්

රාජ්‍ය සේවකයින් ලක්ෂ 5 1/2 ක් ඉවත් නොකළහොත් අනාගතය අනතුරේ.! – දුමින්ද හුලංගමුව

මේ වනවිට රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ 13ක රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ඉදිරියේදී 750,000 දක්වා අඩු කිරීමට සිදුවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව පවසයි. ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය සේවයක් දැරීමට නොහැකි වනු ඇති අතර නුදුරේදීම රාජ්‍ය…

දේශගුණික විපර්යාසවලට එරෙහිව ලෝක ප්‍රජාවගේ සැලසුම් මොනවාද?
අවකාශය ආර්ථික නවතම පුවත් විශේෂාංග

දේශගුණික විපර්යාසවලට එරෙහිව ලෝක ප්‍රජාවගේ සැලසුම් මොනවාද?

  එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව පසුගිය නොවැම්බර් මස 11 වැනි දින සිට 22 වැනි දින දක්වා අසර්බයිජානයේ බාකු නුවර දී පැවැත්විය. සියල්ලන්ටම ජීවත්විය හැකි ලෝකයක් සඳහා ආයෝජනය කිරීම (Investing in a Livable Planet for…

“සහල් මාෆියාවෙන්” හෙළිවුණ මාලිමා ආර්ථික මිත්‍යාව – සී ජේ අමරතුංග
ආර්ථික නවතම විශේෂාංග

“සහල් මාෆියාවෙන්” හෙළිවුණ මාලිමා ආර්ථික මිත්‍යාව – සී ජේ අමරතුංග

ජාතික ජන බලවේගය හෙවත් ජනප්‍රිය හැඳින්වීමට අනුව මාලිමාව ආණ්ඩු බලය ගැනීම සඳහා රටට ප්‍රකාශ කළ ප්‍රතිපත්ති මෙන් ම ඔවුන් ඉදිරිපත් කළ මත ද ප්‍රායෝගික ලෙස අර්බුදයට ලක්වන ආකාරය දැනටමත් පෙනෙන්නට තිබේ. එහි එක් ප්‍රබල අවස්ථාවක්…

කලාපයේ විශාලතම රාජ්‍ය අංශය ශ්‍රී ලංකාවේ..!
ආර්ථික නවතම පුවත්

කලාපයේ විශාලතම රාජ්‍ය අංශය ශ්‍රී ලංකාවේ..!

2023 වසරේ රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 15%ක් සේවය කළේ රාජ්‍ය සේවයේ. මේ පිරිසෙන් තුනෙන් එකක්ම සේවය කරමින් සිට ඇත්තේ ආරක්ෂක සහ මහජන ආරක්ෂාව යන අංශ දෙකේ වීම කැපී පෙනෙනවා. ලංකාවට සමාන ආර්ථික ව්‍යුහයක් තිබෙණ රටවල්වල…

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට!
අවකාශය ආර්ථික නවතම

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට!

නොවැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය -2.1% ලෙස, එනම් 2.1%ක අවධමනයක් ලෙස, වාර්තා වී තිබෙනවා. මේ අනුව, 2024 වසර අවසන් වනු ඇත්තේ සමස්තයක් ලෙස අවධමනයක් වාර්තා කරමින් බව පැහැදිලියි. අපගේ ඇස්තමේන්තු…

තෙවන කාර් තුව අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය
අවකාශය ආර්ථික නවතම පුවත්

තෙවන කාර් තුව අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පණතේ නියෝග අනුව, පසුගිය මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. එම වාර්තාවෙහි අගෝස්තු මාසය අවසන් වන විට පැවති…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන්
ආර්ථික නවතම පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන්

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව පසුගිය 22දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි විය. ශ්‍රී…