පහුගිය කලබල කාලේ එක්තරා මහෙස්ත්‍රාත් උසාවියකට ගියා. මගේ රාජකාරිය උනේ එක්තරා ලිංගික විශමතාවයක් ඇති පුද්ගලයකු වෙනුවෙන් පෙනී සීටීම.
ඉතින් නඩුව ගැන විස්තර නොකියා ගැටලුව ගැන කියන්නම්
මගේ සේවාදායකයා හතර රියන් පුරුශයකු උනාට ඔහුගේ ලිංගික අවයව පිහිටා නැ. මේ නිසා මේ පුද්ගලයා වෙනුවෙන් අධීකරනයේ අවධානය ගන්න එක තමයි මගේ රාජ කාරිය .
නඩුව ඇහුවට පසු සියලුම දෙනා රීමාන්ඩ් කලා . මගේ සේවාදායකයා ගැන ප්රසිද්ධීයේ කියන්නත් බැ. ඒක එයාගේ පුද්ගලිකත්වයට හානියක්. අනවශ්‍ය නව ගැටලු නිර්මාණය කිරීමක් .
රිමාන්ඩ් එකේ ඔහුව පිරිමි එක්ක දාන්න බැ. අනිවාර්යයෙන් අපයෝජනය වෙනවා, කන්තා සිර මැදීරී වලට දාන්නත් බැ. කාන්තාවෝ කලබල වෙනවා.
මට මහෙස්ත්‍රාත් තුමාගේ නිල මැදිරියට යන්න උනා නඩුවෙන් පස්සේ. මහෙස්ත්‍රාත් තුමාටත් ගැටලුවක් මේ පුද්ගලය රිමාන්ඩ් කරන්නේ කෙසේද කියලා. මේ අවස්ථාවේ මහෙස්ත්‍රාත් තුමා උසාවියේ හිටපු ප්‍රධාන ජේලර් තැන කැඳෙව්වා.
මේවගේ අය දාන සිර මැදිරියක් තිබේද කියලා ඇසුවා.
ජේලර් කියනවා එහෙම ප්‍රතිපාදන නැ කියලා.
තත්ත්වය දැන් ගැටලු සහගතයි.
ඒත් එක්කම පැසුනු බුද්ධියක් සහිත ජේලර් තැන කිව්ව ඔබතුමා නියෝගයක් දෙන්නේ නම් විශේෂ සිර මැදිරියක දාන්න පුලුවන් කිව්ව .
මටයි මහෙස්ත්රාත්තුමාටයි දෙන්නටම සතුටුයි. මහෙස්ත්‍රාත්තුමා අදාල නියෝගය කලා ඒ ගැන වාර්ථා කරන්න කිව්ව.
මේවගේ සුවිශේෂි තැන් වලදී අධීකරනය ඉතා නම්‍යශීලී බව හා මානුශිකයි කියලයි මට හිතෙන්නේ.
ඒක අනාගතය ගැන සුබ හැඟීමක්.
මේවගේ අය ගැන විශේෂයෙන්ම රාජ්‍යය හිතන්න ඕනා .
විශේෂයෙන්ම සංක්‍රාන්ති ලිංගික සමාජභාවී පුද්ගලයන් ගැන.
නීතිඥ ලක්ෂාන් ඩයස්