චීනය ලොව විශාලතම ජල විදුලි වේල්ල ටිබෙටයේ යාලුන්ග් ට්සැන්ග්පෝ (Yarlung Tsangpo) ගඟේ ඉදිකිරීමට සැලසුම් කරයි. මෙම ව්‍යාපෘතිය මගින් දැනට ලෝකයේ විශාලතම වේල්ලවන ත්‍රී ගෝර්ජස් වේල්ලට (Three Gorges) වඩා තුන් ගුණයකින් වැඩි විදුලියක් ජනනය කරනු ඇත.
චීන රජය පවසන්නේ, ටිබෙටයේ ඉදිකිරීමට යෝජිත වේල්ල පරිසරය ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇති බවයි. එය පරිසර දූෂණය අඩු කිරීමට සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට චීනය කරනු ලබන සැලැස්මේ කොටසක් බවත් චීනය කියා සිටි. කෙසේ වෙතත් බොහෝ අය මෙම ව්‍යාපෘතිය ගැන කනස්සල්ලට පත්ව සිටිති.
වේල්ල ඉදිකිරිම නිසා පරිසරයට හානි සිදු විය හැකි අතර ගඟ අසල ජීවත් වන බොහෝ දෙනෙකු ඉන් අවතැන්කළ හැකි බවත්, ටිබෙටය යනු පොහොසත් ස්වාභාවික පරිසරයක් සහ අද්විතීය වන ජීවීන් සිටින කලාපයක් වන අතර එය මෙවැනි ඉදිකිරීම් හරහා බලපෑමට ලක් විය හැකි බවත් පරිසර විශේෂඥයින් සහ මානව හිමිකම් කණ්ඩායම් විසින් අනතුරු අඟවති.
වේලි ඉදිකිරීමට යාම නිසා අතීතයේ සිටම ටිබෙටයේ විරෝධතා ඇති වී තිබේ. එවැනි ව්‍යාපෘතිවලට විරුද්ධ වෙමින් සිටියදී සමහර ටිබෙට් ජාතිකයින් අත්අඩංගුවට ගෙන තිබේ. නිදසුනක් වශයෙන් මෙම වසර මුලදී එවැනි තවත් එක් වේලි ව්‍යාපෘතියක් විරෝධතාවලට තුඩු දුන්නේ එය ගම්මාන ගංවතුරට ලක්කර පුරාණ ආරාම විනාශ කරන බැවිනි.
යාලුන්ග් ට්සැන්ග්පෝ ගඟ ටිබෙටයේ සිට ඉන්දියාවට සහ බංග්ලාදේශයට ගලා යයි. මෙම වේල්ල ඉදිකිරිම හරහා චීනයට මෙම රටවලට ජලය ගලායාම පාලනය කළ හැකි බවට එම රටවල බියක් පවතින අතර එය එම රටවල කෘෂිකර්මාන්තයට සහ ජල සැපයුමට බලපෑ හැකිය.
වේල්ල ඉදිකරන ප්‍රදේශය භූමිකම්පා සහ නායයෑම් සිදුවිය හැකි ප්රදෙශය්ක්වන බැවින් මෙවැනි ඉදිකිරීම් මෙම ගැටළු තවත් උග්‍ර කළ හැකි අතර ඉන් වේල්ල සහ අවට ප්‍රදේශ අවදානමට ලක් කළ හැකිය.
මෙම වේල්ල ඉදිකිරිම සඳහා යුවාන් ට්‍රිලියන 1 ක් (ඩොලර් බිලියන 127) පමණ ඉතා අධික මිලක් වැය වේ. එය ඉදිකිරීම සඳහා කම්කරුවන්ට කඳු හරහා දිගු උමං මාර්ග පවා හෑරීමට සිදුවනු ඇති අතර එය දුෂ්කර හා භයානක කටයුත්තක් වනු ඇත.
වේල්ල චීනයට පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට වඩාත් උපකාරී විය හැකි වුවද, එය මිනිසුන්ට, පරිසරයට සහ අසල්වැසි රටවලට එහි බලපෑම පිළිබඳව බරපතල ගැටළුවක් ඉස්මතු කරයි. ව්‍යාපෘතිය කලාපයට සහ එහි ජනතාවට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතුය.
සටහන
Srimal DC