2022දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ අපේ රටේ ප්රචණ්ඩත්වය පැන නැගුණ හැටි සහ ගෙවල් හා වාහන ගිනිතැබීම්, මිනීමැරුම් ආදිය සිදු වූ හැටි ඔබට මතකද?
බොහෝ දෙනා අනුමාන කළේ ආර්ථික අර්බුදය තවත් තීව්ර වී ජනතාව තව තවත් දිළිඳු වනු ඇති බවයි. දිළිඳුභාවය ප්‍රචණ්ඩත්වයට, අරාජිකත්වයට හා ත්රස්තවාදයට පවා තෝතැන්නක් විය හැකියි. ලංකාවේත් ඒ සම්බන්ධ අත්දැකීම් තිබෙනවා. අවදානමට ලක්වන ජනතාව රැකබලාගැනීම සඳහා සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කරන්නට කියා දේශීයවත්, ජාත්‍යන්තරවත් රජයට විශාල බලපෑමක් ආවා.
ලෝක බැංකුවේ ද ආධාර ඇතිව රජය අලුතෙන් අස්වැසුුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන ආරම්භ කළා. බාධා රැසක් මැදින් ඉදිරියට ගිය එම වැඩසටහන අඩුපාඩු තිබුණත් සාර්ථක ක්‍රියාමාර්ගයක්.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මේ වැඩසටහන මුල සිටම නිරීක්ෂණය කළා. ඒ පිළිබඳ ජනතාව සමග සාකච්ඡා කළා. ඔවුන්ගේ අදහස් ලබාගත්තා. සමාජ ආරක්ෂණ ජාලවල අඩුපාඩු හා ඒවා වැඩිදියුණු කළ හැකි ආකාරය අධ්‍යයනය කළා. සමාජ ආරක්ෂණ ජාල මත යැපීම අවම කිරීමට හා දිළිඳු ජනයා නගාසිටුවා එම වැඩසටහන්වලින් පිටතට ගැනීම සම්බන්ධයෙන් ක්ෂුද්‍ර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳවත් සාකච්ඡා කළා.
මේ සියලු අත්දැකීම් ඇසුරෙන් අජිත් පැරකුම් ජයසිංහ විසින් ‘අස්වැසුම ඇස්වැසුමක්ද: ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ජාල පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් සහ ඉදිරි මාවත’ වාර්තාව සම්පාදනය කළා.
නීතීඥ ධනුෂ්ක ද සිල්වා විසින් ශ්‍රී ලංකාවේ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත: ඉතිහාසය, සංදර්භය හා වර්තමාන භාවිතය’ මැයෙන් තවත් වාර්තාක් සම්පාදනය කළා.
මේ වාර්තා දෙකම හෙට උදේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී දොරට වඩිනවා. ඒ පිළිබඳ සංවාදයකුත් පැවැත්වෙනවා. ප්‍රධාන දෙසුම් පවත්වන්නේ නීතීඥ ලක්ෂාන් ඩයස් හා මහාචාර්ය රොහාන් සමරජීව විසින්.