වසර 12කට පසු තරුණයකු ඝාතනය කළ පස් දෙනෙකුට මරණ දඬුවම් තවත් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

2012 වසරේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසලදී 21 හැවිරිදි තරුණයෙකුට පොලුවලින් පහර දී මරා දැමීමේ සිද්ධියක් වූ අතර එම චෝදනාවට වරදකරුවන් වූ විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (අප්‍රේල් 28) මරණ දඬුවම් නියම කළ අතර චෝදනාවට වරදකරුවන් කෙරුණු තවත් දෙදෙනකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

මෙම සිද්ධිය සිදුවන විට අදාළ විත්තිකරුවන් දෙදෙනාට වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන් වූ නිසාවෙන් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවට විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

වසර 12ක් වැනි දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනුකරනු ලැබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බැවින් මෙලෙස දඬුවම් නියම කරන බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
මෙසේ අධිකරණය මගින් මරණ දඬුවම් හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුද්ගලයන් දෙදෙනෙකු පියා සහ පුතා වන බවට අධිකරණයේ හමුවේ මීට පෙර අනාවරණය වී තිබේ.

ඉකුත් 2012 වසරේ සැප්තැම්බර් මස 26 වන දා මට්ටක්කුලිය තොටුපොළ පාරේ කෝවිලක් අසල දෙපිරිසක් අතර වූ ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් 21 ක් හැවිරිදි තරුණයෙකු විකට් පොලු සහ පොලුවලින් පහර දී මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබිණි.

Social Sharing
අවකාශය පුවත්