යක්කලමුල්ල පොලිසිය, ආබාධිතයෙකුට පහරදෙයි!

බන්ඩාර ඉන්දික ප්‍රභාත්

පහරකෑමට ලක්වූ බන්ඩාර ඉන්දික ප්‍රභාත්

යක්කලමුල්ල පොලීසියෙන් පූර්ණ ආබාධිත සහිත පුද්ගලයකුගේ නිවසට පැමිණ, ඔහු විසින් රා නිෂ්පාදනය කර බෙදා හරින බව පවසා ඔහුගේ නිවස හා අවට පරික්ෂාකර බලා එම ස්ථානයෙන් කිසිවක් නොතිබුණු හෙයින් එම නිලධාරින් එම නිවසින් නික්මව ගොස් නැවතත් පසුව එම නිලධාරින් එම නිවස වෙත පැමිණ රා ගැලුමක් එම මිදූලේ තබා මෙම පුද්ගලයා අත්තඩංගුවට රැගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් පහරදී ශාරිරික හා මානසික අඩංතේට්ටම් කර ඇපමත මුදාහැර ඇත.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ගාල්ල, මාගෙදර, ඹිවිටවත්ත යන ලිපිනයේ පදිංචි 36 හැවරිදි එක්දරු පියෙකි. ඔහු පූර්ණ ආබාධිත තත්වයෙන් පසුවන ඊරියාන බන්ඩාර ඉන්දික ප්‍රභාත් යන අයවේ.

මොහු 2020 වර්ෂයේදී ගසකින් වැටී ඔහුගේ සුසුම්නාව කැඩී ඇවිදින්න සිටගන්න නොහැකිව රෝද පුටුවක හා ඇදේ පසුවන පුද්ගලයෙකි. මොහුගේ බිරිදද මෙම අනතුරින් අනතුරුව මොහුව ද්වේශ සහගත ලෙස හැරගොස් ඇති අතර, මොහුව රැකබලා ගනු ලබන්නේ මොහුගේ එකම සහෝදරයා හා වයෝවෘද්ධ මව විසිනි.

බන්ඩාර ඉන්දික ප්‍රභාත්

පහර කෑමෙන් පසු බන්ඩාර ඉන්දික ප්‍රභාත් බිම වැටී සිටි අයුරු

ඒ අනුව යක්කලමුල්ල පොලීසියෙන් 2025 අප්‍රේල් මස 22 දින මෙම නිවසට පැමිණ, පූර්ණ ආබාධිත සහිත පුද්ගලයා විසින් නීති විරෝධි ලෙස රා නිෂ්පාදනය කර බෙදා හරින බව පවසමින් ඔහුගේ නිවස හා අවට පරික්ෂාකර බලා එම ස්ථානයෙන් නික්මව ගොස් නැවතත් එම නිලධාරින් එම නිවස කරා පැමිණ,  එම පුද්ගලයාගේ නිවසෙහි ඉදිරිපස ලීටර් 45 ක රා ගැලුමක් තබා එම රා ගැලුම් එම ආබාධිත පුද්ගලයාගේ යැයි පවසමින් ඔහුට දැඩි සේ චෝදනා කරමින් එහි වගකීම මෙම පුද්ගලයාට භාර ගන්නා ලෙස බලපෑම්කර ඇත.

එම ලීටර් 45 රා ගැලුම මෙම පුද්ගලයාට ඔසවා ගන්න යයි බලපෑම් කර ඇති අතර, එම අවස්ථාවේ අසල්වැසියන් එම ස්ථානයට පැමිණිමත් සමග මෙම පොලිස් නිලධාරීන් වහා එම ස්ථානයෙන් රා ගැලුමද රැගෙන ඉවත්ව ගොස් නැවතත් පස්වරු 05.00 ට පමණ මෙම නිලධාරින් දෙදෙනා නැවත ඔහුගේ නිවස වෙත පැමිණ පැමිණිල්ල සටහන් කර ගැනීම සඳහා යක්කලමුල්ල පොලිස් ස්ථානාය වෙත පැමිණෙන ලෙස දන්වා මෙම ආබාධිත පුද්ගලයාටම කියා ත්‍රී රෝද රථයක් ගෙන්වාගෙන එදින රාත්‍රී 07.00 ට පමණ මෙම පුද්ගලයාව යක්කල මුල්ල පොලිසිය වෙත රැගෙන ගොස්  රා නිෂ්පාදනය හා අලෙවි කිරීම සිදූ කරනවා දැයි විමසමින් හිස් කොළයකට අත්සන් ගැනීමට උත්සාහ දරා ඇති අතර, එය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ හේතුව මත මෙම පුද්ගලයාව පුටුවේ සිටියදීම සිර කුඩුව දොර ඉදිරිපිටට ඇදගෙන රැගෙන ගොස්  දොර විවෘතකර එම නිලධාරියා විසින් පුටුවට පය පහරක් ගසා මෙම ආබාධිත පුද්ගලයාව සිරකුඩුව ඇතුලෙහි බිම වට්ටා ඇත.(එම පුද්ගලයා සිර කුඩුවේ බිම පතිතවන ඡායාරුපය ඉහත සදහන් වේ.)

මෙම පුද්ගලයාගේ මුළු ශරීරයටම ඇණ දමා සකස්කර ඇති හෙයින් මොහුට සිර මැදිරියේ සිමෙන්ති පොලොවේ පසුවීමට නොහැකිව දැඩි වේදනාවෙන් කැ ගසමින් පසුවන අවස්ථාවේ මොහුට මුත්‍රා සහ මලපහ ද ගොස් ඇත, අනතරුව මෙම මුත්‍රවලට හා මළපහවලට කුඩා කුඹින්ද වසා මුළු ශරීරය පුරාම කූමින් කා දමා ඇත. මොහු කෑ ගසා විලාප තබමින් මොහුව නැගිට්ටවන්න කියා පොලිස් නිලදාරින්ට කීවාත් මෙම පොලිස් නිලධාරීන් ඒ පිලිබදව අවදානය යොමු කිරීමකින් තොරව පසුවී ඇත. මොහු මෙසේ කෑ ගසමින් සිටියදී එදින රාත්‍රී 10.00 ට පමණ මෙම පුද්ගලයාගේ සොයුරා පැමිණ පොලිස් නිලධාරීන්ට කියා තම සොයුරා පිළිබද සොයා බලා ඔහුව සෝදා ඇදූමක් අන්දවාගෙන පොලිස් ඇපයක් මත මුදවාගෙන ගොස් ඇත.

ඊයේ  ප.ව 06.43 ට යක්කල මුල්ල පොලිසියේ සැරයන්වරයකු විසින් ජංගම දුරකථනයෙන්  “උඹ ඕනවට වඩා දඟලන්න එපා. වැඩිය දැඟළුවොත් තොට කුඩු දමා මාස ගානකට ඇතුලට අරිනවා, බලාගනින් කියා” තර්ජනය කර ඇත.

මේ වනවිට මොහුගේ දකුණු පාදය සම්පූර්ණයෙන්ම ඉදිමී ඇති බව මොහු විසින් ප්‍රකාශ කරමින් මොහුට යක්කලමුල්ල පොලිසියෙන් සිදූ වූ අසාධාරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවා ගැණිම සදහා හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙන් නීති සහාය ඉල්ලා සිටිහ.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව අම්බලන්තොට ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා අම්බලන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.

අම්බලන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය – 0769692424

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය

0112-669100

සටහන – තරංග එල්. පටබැඳිගේ

Social Sharing
අවකාශය නවතම විශේෂාංග