කාන්තාවක් ඝාතනය කළ පුද්ගලයෙකුට වසර 10ට පසු මරණ දණ්ඩනය නියම කෙරේ.

2015 වසරේ දී කාන්තාවක් ඝාතනය කොට ගමන් මල්ලක දමාගෙන ගොස් බස් නැවතුම්පොළක දමා ගිය සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වු පුද්ගලයාට වසර 10ට පසු මරණීය දණ්ඩනය නියම වී තිබේ. ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබුණේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය

ඒ අනුව එම වසරේ ජූලි මස 29 වනදා කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී ධර්ම රාජා කාර්තිකා නමැති කාන්තාව ඝාතනය කර ගමන් මල්ලක දමාගෙන කොළඹ බැස්ටියෙන් පාරේ පිහිටි බස් නැවතුම්පොලේ දමා ගිය සිද්ධිය සම්බන්ධයෙන් පැට්‍රික් ක්‍රිෂණරාජා නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බව සඳහන් කළ අතර දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරු පවසා ඇත්තේ තමන් මෙම චෝදනාවලට නිවැරදිකරු බවය.

කෙසේවෙතත් විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බැවින් ඔහු එම චෝදනාවලට වරදකරු කරන බවත් ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත.

Social Sharing
අවකාශය පුවත්