අගමැතිනි සමඟ තුෂ් වික්‍රමනායක ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ‘සාර්ථක’ සාකච්ඡාවක්!

තුෂ් වික්‍රමනායක මහත්මිය අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සමඟ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී එතුමිය මතුකරන ලද ගැටලු ලෙස ඇය සිය සමාජ මාධ්‍ය‍යෙහි පළ කර තිබුණි. ඒ අනුව,

1) අප්‍රේල් 30ට යෙදෙන ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදෙන අතර ශාරීරික දඬුවම් අවසන් කිරීමේ පනත පහුගිය රජයෙන් අවසන් කොට ගැසට් කරන ලෙස ලේඛනගත කොට අවසන්ය. දැන්වන විට පවතින්නේ එම පනතෙහි ගැසට් නිවේදනය නිකුත් කොට පාර්ලිමේන්තු සභාගත කරන්න පමණයි. එය දින 2ක පමණ වැඩකි. නව රජය එම කටයුත්ත සිදු කිරීමට ප්‍රමාද වන්නේ ඇයි?
2) පනත සභාගත කිරීම අධිකරණ ඇමති හර්ෂණ නායනක්කාර ජූනි මාසෙට කල් දමා ඇති බව ඔබ දන්නවද?
3) ශාරීරික හිංසන පහසුවෙන් වළක්වා ගත හැකි අපරාධයක්. දිනපතා අපරාධ සිද්ද වෙද්දි, මානව හිමිකම් කොමිසමෙන් පැහැදිලි නියෝග ලබා දී තියෙද්දි, අධ්‍යාපන අමාත්යාංශයේ චක්‍රලේඛන 12/2016 සංශෝධනය කොට වහාම නියාමනය නොකරන්නෙ ඇයි?

4) ළමා මනෝ විද්‍යා ගුරු පුහුණුවීම් අනිවාර්ය කිරීම, රජය විසින් බඳවා ගන්නා ගුරුවරුන්ට පුහුණුවීම් ලබා දීම සම්බන්ධව

5) 2024 නොවැම්බර් මාසයේ කොලොම්බියාවේ පැවති දරුවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය අවසන් කිරීමේ ගෝලීය සමුලුවේදී විවිද රජයන් ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට බොහෝ රටවල් පසු විපරම් සාකච්ඡා පවත්වලත් ඉවරයි. ඒත් ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසගෙන් කිසිම වාර්තාවක් නොමැති බවත් අනෙක් පාර්ශවකරුවන් දැනුවත් කර නොමැති බවත් සරලවම විෂයභාර ඇමති සරෝජා පෝල්රාජ් නොදන්නා බවත්ය. ඒ අනුව සර්ව පාක්ෂික සාකච්ඡාව සිදුකරන දිනය කවදාද?

6) ලිංගිකත්ව අධ්‍යාපනය අනිවාර්ය කිරීමට එකඟ වී පහුගිය රජය යටතේ තිබූ ළමා සන්සදයෙදි, කාන්තා සහ ළමා ආංශික අධීක්ෂණ කමිටු වලදී බොහෝ වැඩ කල් දමා ඇති අතර ඒ ගැන ඔබත් දන්නවා. අතිරේක පොත් e-තක්ෂිලාවෙ නිකුත් කර ඇති නමුත් මේවන විට කමිටුව නොමැති අතර, e-තක්ෂිලාවෙ පොත් නොමැති බවත් ලිංගිකත්ව අධ්‍යාපනය අනිවාර්ය කිරීමට රජය ගන්නා පියවර මොනවද?

7) ළමා සුභසාධනය සඳහා රජයේ විශේෂ ප්‍රතිපත්ති මාලාවක් නොමැති බැවින් අපි ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කලා. එම යෝජනා කෙටි කාලීන, මද්‍ය කාලීන සහ දිගු කාලීන වේ. ඔබ මේ ගැන දන්නවද? මෙහි ඇත්තේ ඔබට එවූ පිටපත වන අතර. එහි මුලින්ම යෝජනා කර ඇත්තේ ළමයින් සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන්න. මුල්ම සහ අවසන් වතාවට එවැන්නක් සිදු වුනේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රාජ්‍ය නායකත්වය ‍යටතේ පමණයි. ඔබට පුලුවන් නේද ඒ ගැන කතා කරන්න?

8) වින්දිත දරුවන් 40,000ගේ පැමිණිලි කඩිනම් කිරීමට සිවිල් සංවිධාන සහ විද්වතුන් රාශියක් ජනාධිපතිවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කලා. ඔබටත් එම යෝජනා එවා ඇති අතර ඒ ගැන ඔබ දන්නවද? මේ තියෙන්නෙ එහි පිටපතක්. අනෙක් දියුණු රටවල් කරනවා මෙන් යාන්ත්‍රණය වගවීම තහවුරු කිරීමට අපි ඉල්ලන්නෙ පාරදෘශ්‍ය ස්වාධීන මහජන විමර්ශනයක්. ඒ ගැන විස්තර කියා දීමෙන් පසු, ඔබට පුලුවන් නේද ඒ ගැන කතා කරන්න?

මේ අයුරින් තුෂ් වික්‍රමනායක මහත්මිය ඇතුළු පිරිස අගමැතිනිය සමඟ සාකච්ඡාව සිදුකොට ඇති අතර එහිදී ඉහත ගැටලු මතුකොට ඇත.

Social Sharing
අවකාශය පුවත්