අල්ලස් හා දූෂණ නඩු 50ක් නුදුරේම අධිකරණයට…

මෙම මොහොතවන විට අවසන් කර ඇති දීර්ඝ කාලීන අල්ලස් සහ දූෂණ විමර්ශන සම්බන්ධයෙන් ළඟදීම අධිකරණය හමුවේ නඩු 50ක් පමණ ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව අධිචෝදනා ගොනු කිරීමට නියමිතව ඇති විත්තිකරුවන්ගෙන් බොහෝ පිරිසක් රජයේ නිලධාරීන් වන අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද ඒ අතර සිටින බව ද වාර්තා වේ.

මේ ආකාරයෙන් ගොනු කිරීමට නියමිත පවතින නඩු අතරට අධිචෝදනා ගොනු කර නොතිබුණද කලකට පෙර අවසන් කර තිබූ විමර්ශන කිහිපයක්ද ඇතුළත් බව වන අතර කොළඹ මහාධිකරණය හමුවේ එම අධි චෝදනා ගොනු කිරීමට නියමිතව පවතියි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ මාධ්‍ය ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදු කෙරෙමින් තිබූ විමර්ශනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නවතා දමා තිබේ.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට කල්පිරීමට පෙර ඌව පළාත් සභාවේ රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කිහිපයකින් මුදල් ආපසු ගැනීමෙන් රජයට රුපියල් මිලියන 17.3 ක අලාභයක් සිදුකිරීමේ චෝදනාව මත මෙලෙස මන්ත්‍රීවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කෙසේ වූවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අදාළ සිද්ධිය තමන් අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිදුවූවක් බවත් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුමැතිය ඇතිව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව චාමර සම්පත් දසනායක එම මුදල් ආපසු ලබා ගෙන ඇති බවයි.

Social Sharing
අවකාශය පුවත්