යුරෝපා සංගමය විසින් GSP+ සහනය දීර්ඝ නොකළහොත් මෙරට ඇඟලුම් කර්මාන්තයට තවදුරටත් බලපෑම් එල්ල විය හැකි බව මේ මාසයේ පැවැත්වීමට නියමිත සමාලෝචනයට පෙර ආර්ථික විශේෂඥයෝ පෙන්වා දී ඇත.
ආර්ථික විද්‍යාඥවරියක් සහ අරුත පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ රෙහානා තව්ෆීක් EconyNext වෙත පවසා ඇත්තේ “යුරෝපා සංගමය යනු ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ගමනාන්තයකි. විශේෂයෙන් ඇඟලුම් සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ සහනය ඉවත් කළහොත් එය දැනටමත් නව ඇමෙරිකානු වෙළෙඳ ප්‍රතිපත්තියෙන් පීඩාවට පත් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට තවත් පහරක් එල්ල වනු ඇත” යනුවෙනි. එමෙන්ම “GSP+ වැඩසටහන මගින් මෙරට අපනයනවලට තීරුබදු රහිත යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ප්‍රවේශය ලබාදෙන අතර එමඟින් අපගේ නිෂ්පාදන යුරෝපා සංගම් වෙළෙඳපොළ තුළ ඉතා තරඟකාරීව පවතී” යැයි ඇය තවදුරටත් පෙන්වා දී ඇත.
GSP+ යෝජනා ක්‍රමය සඳහා මෙරට සුදුසුකම් මේ මාසයේ සමාලෝචනය කිරීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මීට පෙර පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ ඔන්ලයින් ආරක්ෂණ පනත මෙරට තුළ භාවිතය අත්හිටුවීම මෙම යෝජනා ක්‍රමය දීර්ඝ කිරීමේදී වැදගත් වන අතර එමඟින් මෙරටින් යුරෝපා සංගම් වෙළඳපොළට මනාප තීරුබදු යටතේ භාණ්ඩ අපනයනය කිරීමට ඉඩ සලසනු ඇත.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කිරීමට සිදුවේ. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් මූලික අයිතිවාසිකම් කඩකරන සැකකරුවන් අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීමට සහ වධහිංසා පැමිණවීමට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සාමූහිකය චෝදනා කරයි. මෙම පනත මෑතක දී භාවිතා කළ ආසන්නතම සිදුවීම ලෙස කොළඹ සාප්පු සංකීර්ණයක ඊශ්‍රායල විරෝධී ස්ටිකරයක් ඇලවූ තරුණයකු කිසිදු චෝදනාවක් නොමැතිව රඳවා තබාගෙන සිටීම පෙන්වාදිය හැකියි.
ශ්‍රී ලංකා නීතිඥ සාමූහිකය පෙන්වා දෙන ආකාරයට “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි විධිවිධාන සහ ඒ යටතේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමෙන් නිදහස, වධහිංසාවලින් නිදහස සහ ප්‍රකාශනයේ නිදහස වැනි මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අසමත් වන බව සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආයුධයක් ලෙස භාවිත කිරීමේ ස්වභාවයක් ඇති අතර ඕනෑම පුරවැසියෙකුට දඬුවම් විරහිතව එය භාවිත කළ හැකිය.” යනුවෙන් ද එම සාමූහිකය චෝදනා කරයි.