GSP+ තීරුබදු සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබාදීම පිළිබදව සමාලෝචනය කිරීම සදහා යුරෝපා සංගමයේ දූත කණ්ඩායමක් මේ මස අග දී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම කණ්ඩායම GSP+ සහනය තව දුරටත් ලබාදීම සදහා ඉදිරිපත් කර ඇති කොන්දේසි හා ඒකගතාවයන් පිළිබදව රජයේ නියෝජිතයින් සමඟ මෙන්ම විපක්ෂයේ හා සිවිල් සංවිධාන නියෝජිතයින් සමගද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
ගියවර මෙම සහනය ලබාදීමේ දී ශ්‍රී ලංකාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුතිය, වදහිංසාවට ඒරෙහි ජාත්‍යන්තර සම්මුතිය, ළමා අයිතිවාසිකම් පිළිබදව සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 4ක් ශ්‍රී ලංකාව තුළ ප්‍රායෝගිකව ක්‍රියාවට නැන්වීමට ඒකගත්වයකට පැමිණ තිබුණි.
මෙවර GSP+ සහනය ලබා ගැනීමට ඉහත සම්මුතීන් හතර ඇතුළුව මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ආරක්ෂාව සහ දේශගුණික විපර්යාස හා යහපාලනය පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය ඇතුළු සම්මුතීන් 27ක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සදහා එකගත්වයකට පැමිණිය යුතුව ඇත.