මහජන ආරක්ෂක කමිටු 14,000 ක් පිහිටුවීමට චක්‍රලේඛයක්…

මහජන ආරක්ෂක කමිටු

දිවයින පුරා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම අවාරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු 14,022 ක් පිහිටුවීමට නියමිතයි.

පොලිසිය හා මහජන සබඳතා ශක්තිමත් කරමින් සාමය ආරක්ෂා කිරීම, අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම හා ආගමික සමගිය තහවුරු කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙම කමිටු පිහිටූවීමෙන් සපුරා ගැනීමට පොලිසිය අපේක්ෂා කරනවා.

ඒ සඳහා පොලිස් නිලධාරියෙකුද පත් කරනු ඇති.

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, විශ්‍රාමික  පොලිස් හා ත්‍රිවිද හමුදා නිලධාරීන්  මෙන්ම යෞවනයන්ද එම කමිටුවල සාමාජිකයන් ලෙස පත් කෙරෙන අතර ඔවුන්ගේ නිල කාලය වසර තුනක්.

මහජන ආරක්ෂක කමිටුවල ප්‍රගතිය සෑම මසකම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සමාලෝචනය කළ යුතු  අතර මාස දෙකකට වරක් දිස්ත්‍රික්කය භාර සහකාර පොලිස් අධිකාරිවරයා විසින් එම කමිටු සාමාලෝචනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

Social Sharing
අවකාශය නවතම