කවුරුහරි මම කියනවා අහගෙන අනුර මේ කරන්නේ රඟපෑමක් කියල. එදා කියපු දේවල් සහ අද කරන දේවල් ගත්තම ඒ දෙක අතර පරතරය නිසා ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්.
හැබැයි ඕනි නම් කියන්න පුළුවන් නේද දැන් විතරක් නෙවෙයි අනුර ජවිපෙ නායකත්වය ගත්ත දවසේ ඉඳලම කරලා තියෙන්නේ රඟපෑමක් කියන එක. මම එයා ඔය එක එක ඇඳුම අඳිද්දී එකපාරක් ඇහුවා මේක වේශනිරූපනයක් වෙන්න බැරිද කියලත්.
ඒ කියන්නේ ඇත්තටම අනුර විශ්වාස කළේ සහ කරන්නේ මොකක්ද කියන එක ගැන ලොකු ගැටළුවක් දැන් එනවා. සමහර වෙලාවට කිසිම විශ්වාසයක් ගැන විශ්වාසයක් ඔහු තුල නොතිබෙන්නත් ඇති. ඒ හිස්බව (radical emptiness) මේ දැන් තත්වය නිපදවාගැනීම සඳහා උදව්කරන්නත් ඇති.
මේ ඉන්දු ලංකා වෙළඳ, ආරක්ෂක, ඖෂධ සහ අනෙකුත් ගිවිසුම් වලට එයා කැමතිද නැද්ද කියල දැන් ඇහුවොත් අපි දන්නවා එයා ඒවාට කැමතියි කියල. ඒ කියන්නේ එයා හැමදාම කැමැත්තෙන් ඉඳල තියනවා එයා ආපු වෙලාවක කරන්න. අනික් අය ඔය සාම්පූර් වගේ ඒවා කරනවට විරුද්ධව බොරුවට බාල්දි පෙරලපු එක විතරයි එයාල කරලා තියෙන්නේ. ඇත්ත ඓන්ද්‍රීය අකමැත්තක් තිබිල නැහැ. ඒ නිසා හර්ෂ ද සිල්වා කියනවා ”දෙයියෝ සාක්කි මේවා ඒ වෙලාවේ කරන්න දුන්නේ නැත්තේ ඇයි” කියල. ඔව්… අපි හැමෝටම දෙයියෝ සාක්කි කියවෙනවා තමයි.
ඇත්තටම සිද්දවෙලා තිබිල තියෙන්නේ එයාලගේ ලොකු අකමැත්තක් මේ කිසිදු දේකට තිබිල නැහැ. තිබිල තියෙන්නේ අනික් අය ඒවා කරනවට අකමැත්තක් විතරයි. ඒක ඉතින් සාමාන්‍ය දේශපාලන ඉරිසියාකාර උපක්‍රමික තත්වයක් මිසක් ගැඹුරින් සීරියස් විදියට හිතන්න ඕනි දෙයක් නෙවෙයි.
හැබැයි ජවිපෙ ඒවාට වීදි පුරා විරුද්ධ වෙනකොට ඒ විරෝධතා ඇත්ත කියල හිතපු චන්ද්‍රිකා රනිල් මහින්ද මෛත්‍රී ගෝඨලා පව්. උං පල් මෝඩයෝ. ජවිපෙ කියන ඒවා සීරියස් ගන්නේ නැතුව වැඩේ කරගෙන යන්න තිබ්බේ. එහෙනම් සාම්පූර් හදල දැන් දශකයකටත් වැඩියි.
දේශපාලනිකව ගත්තොත් අනුර දිනුම්.
මට මතක්උනේ කෆ්කා. ‘මේ දොර තියෙන්නේ උඹ වෙනුවෙන්. උඹට තිබ්බේ දොර ඇරගෙන උඹේ ගමන යන්න. දැන් උඹ නාකිවෙලා මැරෙන්නත් ලඟයි. දැන් මම මේ දොර වහනවා. උඹ යන අතක් බලාගෙන පලයන්’.