පොලිසීය වධහිංසා කරන ආකාරයත් පුරවැසියන් ඝාතනය කරන ආකාරයත් අප දැක තිබුණ ද එම වින්දිතයන්ට තවමත් සාධරණයක් ඉටු වී නොමැත. එමෙන්ම වර්තමානයේ පොලිසිය වධහිංසාවන් සිදු කරමින් ඝාතනයන් සිදුකොට පසුව ඔවුන්ම එම සිද්ධින් සම්බන්ධව විමර්ෂණයන් සිදු කරනු ලබයි. මෙවැනි වටපිටාවක මෙම වින්දිතයන්ට සාධාරණයක් ඉටුවේද යන්න ගැටලුවකි. පොලිස් වධහිංසාව සම්බන්ධව, මානව හිමිකම් ක්‍රියාකාරීනි අමිතා ප්‍රියන්ති මහත්මිය සිය පළකළ අදහස් මෙසේය.
“මම අවුරුදු 24ක් තිස්සේ පොලිස් වධහිංසනයන් සිදු කරන ආකාරය දැක තිබෙනවා. මෙම නඩුකරයන් අවුරුදු 15ක් 20ක් තිස්සේ කල් යනවා. නමුත් මේ සම්බන්ධව සාධාරණයක් ඉෂ්ට වන ආකාරය සමාජය දකින්නේ නැහැ. ඒවාගේම එම පොලිස් නිලධාරීන්ට දඬුවම් ලැබෙනවා අප දකින්නේ නැහැ. ඒ නිසාවෙන්ම අප දකින ආකරායට පොලිස් වධහිංසාවන් සහ ඝාතනයන්වල වැඩි වීමක් දක්නට ලැබෙනවා. එමෙන්ම පොලීසිය වධහිංසාවන් කරමින් ඝාතනයන් සිදුකරමින් ඔවුන්ම විමර්ෂණය කිරීමක් සිදුවෙනවා. මේ තුළින් අපට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මෙය වෙනස් කළ යුතුයි.
දශක ගණනාවක් තිස්සේ සිදුවන මෙම ක්‍රියාදාමයන් සිදු වූවද ඔවුන්ට දඬුවම් හිමිවන්නේ කලාතුරකින්. පොලිස් වධහිංසා පනත යටතේ මිනී මැරුම් චෝදනා යටතේ පොලිස් නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබෙනවා. නමුත් ඔවුන් රාජකාරි කටයතුවල නියැළෙන අතර සාක්ෂි විනාශ වීමක් පසුව සිදුවෙනවා. රජයට ලොකු වගකීමක් තියෙනවා සත්සර නිමේෂ්ගේ සිදු වීමත් සමඟ මෙම ක්‍රමය වෙනස් කරන්න. පුරවැසියෙක් සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගත්විට වධ හිංසා සිදු කිරීමටත් ඝාතනයන් කිරීමටත් පොලීසියට අයිතියක් නැහැ.
එමෙන්ම පුරවැසියනටත් වගකීමක් තියෙනවා මෙවැනි සිද්ධීන් ශිෂ්ට සම්පන්න ජාතියක් ලෙස අනුමත නොකර ඉන්නට. අපරාධයන් සිදුකරන අයගෙන් ද අප යුක්තිය සාධාරණය බලාපොරොත්තු වන්නේ? සත්සර නිමේෂ්ගේ සිදු වීමත් සමග අප රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාවලිය වෙනස් කරන ලෙසයි. එමෙන්ම පොලිසීය මේ ආකාරයෙන් අපරාධ සිදුකරන කොට ඒ සම්බන්ධව විමර්ෂණය සිදු කිරීමට ස්වාධීන ආයතනයක් තිබිය යුතුයි, සාධාරණයක් ඉටු වීමට නම්. මෙම නඩු විමර්ෂණ කටයතු සිදු කිරීමේ ප්‍රමාදයක් සමග වින්දිතයන් වසර ගණනාවක් අවසානයේ සාධාරණයක් නොලබාම මිය යනවා. මෙවැනි දෙයක් සත්සර නිමේෂ්ගේ අම්මට අත් විඳින්නට දෙන්න එපා”.
මානව හිමිකම් ක්‍රියාකාරීනි අමිතා ප්‍රියන්ති මහත්මිය සිය පළකළ අදහස් පහත වීඩියෝවෙන්…