ඉකුත් අප්‍රේල් හයවන දා රාත්‍රියේ තරුණයෙක් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ වීඩීයෝ දර්ශනයක් සමාජ මාධ්‍යයේ සංසරණ විය. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ තිනියාවල ප්‍රදේශයේ පදිංචි අනුෂ්ක ශෙහාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.
එහිදී එම තරුණයා පවසන ආකාරයට තමා බීමතින් යතුරු පැදියක් ධාවනය කළා යැයි පවසමින් මෙම තරුණයාට නිලධාරීන් විසින් පහර දීමට උත්සහ කර ඇති අතර එහිදී එම තරුණයා නිලධාරීන්ට පවසා ඇත්තේ තමාව මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කරන ලෙසයි. එහෙත් එහිදී පොලිස් නිලධාරීන් මෙම තරුණයාව අත්අඩංගුවට ගැනීමට උත්සහ කර ඇති අතර එහිදී ඔහුට පහර දී ඇති බව ඔහුගේ මව පවසා සිටියි. ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමේන් එහිදී මෙම තරුණයාට තවදුරටත් පහර එල්ල වීමෙන් වළක්වා ගත් බවත් එම අවස්ථාවේ ඔහුගේ ගමන් බලප්‍රතයත්, ජංගම දුරකතනය සහ ඔහුගේ යතුරු පැදියේ යතුරත් එම නිලධාරීන් විසින් රැගෙන ගිය බවත් ඔහු පවසා සිටියි. මෙම තරුණයා පවසන ආකාරයට එම නිලධාරීන් බීබතින් සිට ඇත. පසුව තිනියාවල පොලිස් නිලධාරීන් පැමිණ මෙම තරුණයාට පහර දී ඇති අතර ඔහුට මාංචු දමා එම තරුණයාව අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කර ඇති අතර ප්‍රදේශවාසින්න්ගේ මැදිහත් වීමෙන් ඔහුව රැගෙන යාම වළක්වා ගෙන ඇත.
පසුව ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත්තේ සිදු වූ පහර දීම් හමුවේ ඇති වූ තැළීම් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමටය. පසුව ඊයේ දිනයේ (07) සවස මොහු සිය මවට දුරකතන ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත්තේ සිවිල් නිලධාරීන් තිදෙනෙකු පැමිණ ඇති බවත් ඔවුන් සම්බන්ධව සැක සහිත බවයි. එම සිවිල් නිලධාරීන් කිහිපදෙනා විසින් මොහුව අත් අඩංගුවට ගෙන ඇත. පසුව රෝහලේ එම අවස්ථාවේ සිටි ඔහුගේ මිතුරා කළුතර දකුණ පොලීසියට ගොස් අනුෂ්ක නැමැති මෙම තරුණයාව රැගෙන ආවා දැයි විමසා ඇති අතර ඔවුන් රැගෙන නොආ බවත් තිනියාවල පොලීසියෙන් රැගෙන ගොස් ඇති බව පවසා ඇත. මෙම මිතුරා පසුව තිනියාවල පොලිසීයෙන් ගොස් විමසා ඇති අතර එහිදී ද ඔහුව නොරැගෙන ආ බව පවසා ඇත. පසුව මොහුගේ මව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල හරහා ඔහු මතුගම පොලිස් අත්අඩංගුවේ සිටින බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහිදී ඔවුන් පවසන ආකාරයට බීමතින් යතුරු පැදියක් ධාවනය කළ මෙම තරුණයාව පරීක්ෂා කිරීමේ දී එම නිලධාරීන්ගේ රාජකාරියට එම තරුණයා බාධා කළ බවත් පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා ඔහු එම ස්ථානයෙන් යතුරු පැදියගෙන පලා ගිය බව ඔවුන් පවසයි.
එම නිවේදනය පහත වේ.