ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේ ද තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී ඇත.
මේ වනවිට රටවල් 50ක් ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා කිරීමට මේ වනවිට සිය කැමැත්ත පළකර තිබේ. එමෙන්ම ඉන්දීය රජය නිවේදනය කර ඇත්තේ අමෙරිකානු බදුවලට ප්‍රතිචාර ලෙස බදු ඉහළ නොදමන බවයි. එසේම ජනධිපති ට්‍රම්ප් විසින් හඳුන්වා දුන් මෙම තීරුබදු ප්‍රතිපත්තිය ලබන බදාදා දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
ඒ අනුව පසුගිය අප්‍රේල් දෙවැනිදා සිදුකළ නිවේදනයෙන් පසු ගෝලීය කොටස් වෙළෙඳපොළවලට ඉන් එල්ල වෙමින් පවතින්නේ සුළුපටු බලපෑමක් නොවන අතර ඉන් වැඩිම බලපෑමකට ලක්වූයේ ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ වන අතර අද දිනයේදීත් කැපී පෙනෙන ලෙස කොටස් වෙලළඳපොළ රැසක් කඩා වැටී ඇත.
ජපානයේ නිකේ කොටස් වෙළෙඳපොළ 6.3%ක කඩා වැටීමකට ලක්ව තිබූ අතර හොංකොං කොටස් වෙළෙඳපොළ ආරම්භයේදී 9.8%ක කඩා වැටීමකට ලක්ව තිබුණි. එමෙන්ම තායිවාන කොටස් වෙළෙඳපොළ ද 9.8%ක කඩා වැටීමක් පෙන්නුම් කළේ, සිංගප්පූරු කොටස් වෙළෙඳපොළ 7%කට වැඩි පසුබෑමකට ලක්ව තිබියදීය.