පොලිස් අත්අඩංගුවේ දී මියගිය සත්සර වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.

ඉකුත් දෙවන දා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ පසුව සිටිද්දී මියගිය සත්සර නිමේෂ් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අප්‍රේල් 5 වැනි දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එම තරුණයා අත්අඩංගුවේ සිටියදී මාරාන්තික තුවාල ලබා ඇති බවට වාර්තා පළවීමත්, එම තුවාල තමන් විසින්ම සිදුකර ගත් ඒවා බවට ප්‍රකාශ කිරීමත් පිළිබඳව ඔවුන් සිය කනස්සල්ල පත් කර ඇත. නිසි ක්‍රියාපිළිවෙතක් සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නැවත නැවත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් මරණයට පත්වන සිදුවීම් නීතිය ක්‍රියාත්මක කිරීම සහ යුක්තිය පසිඳලීම කෙරෙහි මහජන විශ්වාසය දැඩි ලෙස අඩපණ කරන බවට එම නිවේදනය තුළින් අනතුරු අඟවා ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය තුළින් විවේචනය කරමින් පවසන්නේ මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා අර්ථවත් පියවර ගැනීමේදී බලධාරීන්ගේ මන්දගාමීව ප්‍රතිචාරය ද කරන බවත් මෙවැනි මරණ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ද ඉල්ලා සිටියි.
වගවීම වැඩි දියුණුකිරීම සහ අපයෝජනය වැළැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැනුම වර්ධනය කිරීමේ පියවර සඳහා සහාය ලබාදෙන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය එහිදී සඳහන් කර තිබේ.

එමෙන්ම අප්‍රේල් 1 වන දින නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ බවට චෝදනා කරමින් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු වූ මෙම මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට වාර්තා වේ.
තවද පොලිස් මාධ්‍ය ඒකකයට අනුව, වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අප්‍රේල් 4 වන දින අදාළ නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳව විමර්ශනය කිරීම ආරම්භ කර ඇත.

 

Social Sharing
නවතම පුවත්