වැලිකඩ පොලිස් ස්ථානය තුළ තරුණයෙක් මිය යෑමේ සිද්ධියක් අද දිනයේ වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල මීගහකිවුල පදිංචි මුතුවාඩිගේ සත්සර නිමේෂ් නැමැති තරුණයෙකි.
ඉකුත් අප්‍රේල් පළමු දා වැලිකඩ පොලිස් නිලධාරීන් විසින් මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවේ පසුවන අවස්තාවේ සිදු වූ වදහිංසා හමුවේ මෙම තරුණයා මිය ගොස් ඇත. එම තරුණයාගේ මව ඊයේ දිනයේ වැලිකඩ පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ තරුණයා ඇඳ සිටි ඇඳුම් ඉවත් කර ඇති අයුරු හා ඔහු ඇඳ සිටි කලිසම අසළ තිබු කුණු කූඩයේ පවතින අයුරු දැක ඇත. ඒ පිළිබඳ කළ වීමසීමක දී එම තරුණයාගේ මවට පවසා ඇත්තේ එම තරුණයා සිය දිවි හානිකර ගැනීමට උත්සහ කළ බවයි.
මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් පොලිස්පතිතුමාගෙන් පරීක්ෂණයක් සහ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද වැඩිදුරටත් ඉල්ලා ඇත.