බැලු බැල්මට ඉහත ප්‍රශ්නය අනවශ්‍ය බල දේශපාලනික ප්‍රශ්නයක් ලෙස ඇතමෙකුට හෙලා දැකිය හැකිව තිබේ.
නමුත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුලදීද, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුල ගැනෙන සමාජ සම්මුතිය තුලින් ගෙන බලන කල ඉහත දැක්වෙන ප්‍රශ්නය මෙරට පුරවැසි සමාජවට තීරනාත්මක ප්‍රශ්නයක් වන්නේය.
බහුතර ලාංකිකයන් සිතන්නේ තමන් චන්දය දුන්නේ තමන් චන්දය ප්‍රකාශ කලේ අනුර ප්‍රමුඛ ජාජබයට මිස අනුර සහ ජවිපෙට නොවන බවය.
නමුත් දැන් සිදුවෙමින් පවතින්නේ අනුරගේ දේශපාලන ක්‍රියාවලිය තුල ජාජබය යටයමින් ජවිපෙ උඩට එන ප්‍රවනතාවයකි.
ජාජබය වෙනුවෙන් පුනරුදයක් ගැන කතා කල දීලීප ලා ලියනගේ අමරකීර්තිලා අනුරගේ දේශපාලනය තුල පිටුපසට විස්තාපනය වු බවක් පෙනෙන්නට තිබේ.
කටකතා කියන්නේ හරිනි විස්තාපනය කොට බිමල් අගමැති වන බවය. එය කටකතාවක් වුවද සිදුවෙමින් පවතින කරුනු දෙස බලන කල එය අහඹුවක් හෝ හිතළුවක් නොවවන්නට ඇති සම්භාවිතාවය ඉහලය.
එසේම අනුරගේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාප්‍රතියට දැනට අත්වී ඇති ඉරනම දේශපාලනිකව විශ්ලේෂනය කරන කල සිතන්නට වෙන්නේ ජවිපය එම ව්‍යාපෘතිය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයෙන් පිටමන් කොට ඇති බවකි.
ජවිපෙ හාර්ඩ් කෝ තුලින් ඇසෙන බව කියන්නේ අනුර තවත් ගොර්බචෝව් කෙනෙකු වීම වලකාලමින් රජයේ බලයද රාජ්‍යයේ බලයද ජවිපෙ අතට ගතයුතු බවකි.
බල දේශපාලනයට මෙවැනි ප්‍රවණතාවයක් ආගන්තුක නොවන්නේය.
නමුත් සමාජ සම්මුතිය හා ප්‍රජාතන්ත්‍රවාදය අනුචසාරයෙන් ගත් කලද රට පැත්තෙන් ගත් කලද මෙය කනස්සල්ලට හේතුවන ප්‍රවනතාවයකි.
එවැනි ප්‍රවනතාවයක් සමාන වන්නේ නංගී පෙන්නා අක්කා දීග දීමටය.
අනුර ප්‍රමුඛ ජාජබයට චන්දය ලබා දුන් වාමාංශික නොවන පුරවැසියන්ට මෙවැන්නක් අනපේක්ෂිතය.
නමුත් සිදුවන්නට නියමිත එවැන්නක් නම් රටේ අනාගතයට අබ සරණය.
රටේ පුරවැසියන් අනුර හා හරිනි කෙරෙහි තැබු විශ්වාසය එලෙසටම පවත්වාගෙන යෑම අනුර, විජිත ප්‍රමුඛ ජවිපෙ ප්‍රතිසංස්කරනවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රිය වගකීමක් නොවන්නේද?