රිමාන්ඩ් කල නීතිඥවරිය වහාම නිදහස් කරන්නැයි නියෝග!

පුත්තලම මහාධිකරණය

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ පුත්තලම මහාධිකරණය විසින් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි නීතිඥ ප්‍රියංකා උදයංගනී සමරතුංග වහාම නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එසේ නීතිඥවරියව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග දී තිබුනේ පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුවක සැකකරුවකුට ඇප ලබා ගැනීම සඳහා පසුගිය මාර්තු 07 වන දින අධිකරණය හමුවේ පෙනී සිටි ප්‍රියංකා උදයංගනී සමරතුංග නමැති නීතීඥවරියක්.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

නිදහස් වීමෙන් පසුව එම නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාදීකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් අධිකරණය විසින් නියම කර තිබේ.

Social Sharing
අවකාශය ආර්ථික