අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට ආහාර පැකේජයක්.

aswesuma 2023 Welfare Benefits Board

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ජීවන වියදමට සහනයක් සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණු කොටගෙන අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08ක් වෙනුවෙන් සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට රජය සැලසුම් කර ඇත. ඒ අනුව රුපියල් 5,000/- ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජයක් 50%ක වට්ටමකට එනම් රුපියල් 2,500ක මිලකට ලබා ගැනීමට අවස්ථාව මින් හිමි වේ.
ලංකා සතොස මඟින් ආවරණය නොවන ප්‍රදේශයන්හි සුදුසුකම්ලාභීන් සඳහා තෝරාගත් සමූපකාර අලෙවිසැල් මගින් මෙම ආහාර පැකේජය නිකුත් කරනු ඇති බවට වාර්තා වේ.
අප්‍රේල් 01 වන දින සිට ආරම්භ වන මෙම වැඩසටහන අප්‍රේල් 13 වන දින දක්වා පමණක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර මෙම ප්‍රතිලාභය නිසි ලෙසම සුදුස්සන් වෙතම හිමි වන්නේද යන්න සොයා බැලීමට විධිමත් යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වන බවට වාර්තා වේ.
මුදල් අමාත්‍යාංශය, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව සහ සමූපකාර අලෙවිසැල් ජාලය හා එක්ව “සතුටින් සතොසින්” තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිත ය.

Social Sharing
ආර්ථික නවතම පුවත්