58,000 ට අධික පිරිසකට පෙබරවාරියේදී අස්වැසුම ගෙවා නැහැ.

පෙබරවාරි මාසයේදී අස්වැසුම ප්‍රතිලාභීන් 58,653කට විවිධ තාක්ෂණික හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එමෙන්ම ඔවුන් පවසන්නේ තවම බැංකු ගිණුමක් විවෘත නොකළ පිරිස 39,855ක් සිටින බවයි.
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ‘මව්බිම’ පුවත්පත කළ විමසීමකට පිළිතුරු වශයෙන් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මේ බව සඳහන් කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් විරෝධ සහ අභියාචනා සඳහා පිළිතුරු අපේක්ෂාවෙන් සිටිය ද ඒවා නොලැබීම හේතුවෙන් 3,768ක පිරිසක්, එක ම ජාතික හැඳුනුම්පත් අංකය අයැදුම්කරුවන් දෙදෙනෙක් සඳහන් කර තිබීමේ අවස්ථා 1,381ක් ද එක ම නම තිබෙන සාමාජිකයා පවුල් දෙකක පෙන්නුම් කිරීම් අවස්තා 11,828ක් ද එක ම බැංකු ගිණුම් අංකය ප්‍රතිලාභීන් දෙදෙනෙක් යටතේ පෙන්නුම් කිරීම 427ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දී ඇති ජාතික හැඳුනුම්පත් අංකය සහ අස්වැසුම බැංකු ගිණුම් අංකයේ ඇති ජාතික හැඳුනුම්පත් අංකය සමග නොගැළපීම් 1381ක්, අස්වැසුම අයැදුම්පත ඉදිරිපත් කරන මොහොතේ සහ සංගණන අවස්ථාවේදී පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව නිවැරැදි නොවීම ප්‍රතිලාභීන් 13ක් ලෙස පෙබරවාරි මාසයේදී ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිටි බව එම මණ්ඩලය සඳහන් කරයි.
2025 පෙබරවාරි වනවිට අස්වැසුම ප්‍රතිලාභීන් 1,792,626ක් සිටි බවත් පෙබරවාරි මාසයේදී ප්‍රතිලාභ ලබාගෙනඇත්තේ 1,733,973ක් බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Social Sharing
අවකාශය ආර්ථික පුවත්