දැරියක් රසකැවිලි සොරකම් කළ වරදට ලයිට් කණුවක බැඳ පහර දීලා!

වයස අවුරුදු 14ක දැරියක් විදුලි කණුවක බැඳ පහර දුන් සිද්ධියක් උතුරු පළාතේ වඩමාරච්චි නැඟෙනහිර ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ඉකුත් ඉරිදා කුඩාතානි පෝර්පති ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි අවස්ථාවේදී මෙම දැරිය සිද්ධියට මුහුණ පා ඇත. මෙම දැරිය විසින් රසකැවිලි වර්ගයක් සොරකම් කළ බවට වෙළඳසැලේ හිමිකාරිය දරුවාට චෝදනා කර ඇති අතර පසුව එම වෙළඳසැල් හිමිකාරිය විසින් දැරියව විදුලි කණුවක ගැටගසා පහර දී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ මෙම දැරිය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල පරීක්‍ෂා කිරීමෙන් පසුව සිද්ධියට සම්බන්ධ සැකකාරියට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මරුතන්කේනි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පොලිසියට දුන් උපදෙස් මත පොලිසිය විත්තිකාරියගේ නිවසට ගොස් ඇති අතර, එය අගුළු දමා තිබීම හේතුවෙන් දුරකථනයෙන් විමර්ශනය පිළිබඳ කාන්තාවට දැනුම් දී ඇති බවට වාර්තා වේ.

 

Social Sharing
අවකාශය පුවත්