අනුර – ජවිපෙ – මාලිමා ආණ්ඩුවේ අයවැය අද තුනෙන් දෙකකින් සම්මත වෙන්න නියමිතයි. ආණ්ඩුවට ඇත්ත අභියෝගය එන්නේ අයවැය සම්මත උනාට පස්සෙයි. මේ අවුරුද්දේ අප්‍රියෙල් පළවෙනිදා ඉඳන් නව බදු වර්ෂය ආරම්භ වෙනවා. ආණ්ඩුවට නිසි ආර්ථික කලමනාකරණයක් කරන්න බැරි උනොත් අගෝස්තුවලින් පස්සේ නව දේශපාලන අර්බුදයක් මතුවෙන්න එක වලක්වන්න බෑ.
අනුරගේ මේ අයවැයට කවුරුත් කියන්නේ රනිල්ගේ තුන්වෙනි අයවැය කියලා. රනිල් හැදුවත්,අනුර හැදුවත් මේ අයවැයේ පදනම වෙන්නේ IMF එක විසින් දීලා තියෙන කොන්දේසි. වැටුප් සහ දීමනා සම්බන්ධ රාජ්‍ය සේවය පැත්තෙන් මතුකරලා තියන ප්‍රශ්නවලට ආණ්ඩුව පැත්තෙන් සලකා බලන්න පවා එකඟ වෙන්නේ නැතිව අයවැය සම්මත කරන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා. මතුවෙලා තියෙන වැටුප් සටන යට ගහන්න ආණ්ඩුව එක එක උප්පරවැට්ටි යොදන බව පේනවා.
මේ වෙලාවේ බටලන්ද සාකච්ඡාවත් ඊට ලොකු සේවයක් කරනවා. මෙතනදී අනුරලාට ඕනි ලොකු සමාජ විරෝධයක් නැතිව අයවැය සම්මත කරගන්න. ඒ වගේම මේ වැටුප් සටන්වල ඉන්න අයටත් ආණ්ඩුවත් එක්ක මාරාන්තික සටනකට එක පාරටම එන්න බෑ. මේ තියෙන්නේ එයාලාම හදපු ආණ්ඩුවක්. අනික ආණ්ඩුවට මාරාන්තික ප්‍රහාරයකට යන්න තවමත් ඉක්මන් වැඩියි. දැන් ආණ්ඩුව පත්වෙලා යන්තම් මාස හතරක් පැන්නා විතරයි.
ඒක නිසාම මේ සියලු ප්‍රශ්නවල වැඩි බරක් තවමත් පැවති ආණ්ඩුවලට පටවන්න අනුරලාට පුළුවන්. ගොඩක් වෙලාවට බටලන්ද විවාදය අප්‍රියෙල් මුල් පාර්ලිමේන්තු සතියේ පවත්වයි. සිංහල, දෙමල අලුත් අවුරුද්ද ඉවර වෙනවත් එක්ක අනුරගේ සිරි දළදා ප්‍රදර්ශනයත් පටන් ගනී. ඒ එක්කම බෞද්ධ සමාජය බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඇලලී යයි. අප්‍රියෙල් 28 වෙනිදායින් දළදා ප්‍රදර්ශනය අවසන් වෙනවා. ඊට පස්සේ මාලිමාවේ අලංකාර මැයි පෙලපාලියක් අපට බලාගන්න පුළුවන්.
මේ සියලු උත්කර්ෂයන් එක්ක පලාත් පාලන මැතිවරණය එයි. පලාත් පාලන මැතිවරණය ආණ්ඩුව හොඳින් හෝ නරකින් දිනයි. රටේ රාළ කියන්නේ ඒ එක්කම ආණ්ඩුවේ මදුසමයත් අවසන් වෙනවා කියලයි. ආණ්ඩුව ඒ දක්වා වහගෙන ආපු ආර්ථික අර්බුදය එතනින් එහාට එළියට පේන්න පටන් ගන්නවා. ආණ්ඩුව රජයේ සේවකයන්ට කියන්නේ දෙන්න පුළුවන් විදිහට තමයි දුන්නේ කියලා. හැබැයි ආණ්ඩු බලය ගන්න ඉස්සෙල්ලා කිව්වේ එහෙම නෙවෙයි.
ඒක නිසා දිගටම ඇදෙන ටැටුප් සටන් ක්‍රියාවලියකට ආණ්ඩුව විසින්ම පදනම දාලා තියනවා. ඊළඟට මේ ඉදිරිපත් කරලා තියෙන අයවැයේ හිඟය හොයාගන්න එකත් ආණ්ඩුව බරපතල ප්‍රශ්නයක්. ආණ්ඩුවට ඒකට තියන උත්තරය ණය ගැනීම සහ ජනතාව මත බදු බර පැටවීම විතරයි. ඒ හින්දා මේ අවුරුද්ද ඇතුලත අවස්ථාව කීපයකදී අති විශේෂ ගැසට් නිවේදන මගින් ජනතාව මත තවත් බදු පටවන්න ආණ්ඩුවට සිද්ධවෙයි.
ආණ්ඩුව පැත්තෙන් බලාපොරොත්තු වෙන ආදායම වාහන ආනයනයෙන් හම්බවෙයි කියලා හිතන්න බෑ. වාහනවල අධික මිල ගණන් හින්දා වාහන ගන්න යොමුවෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. තවදුරටත් ඉන්ධන සහන ගෑස් සහන සහ විදුලි සහන බලාපොරොත්තු වෙන්න එපා කියලා රටේ රාළ ජනතාවට දැන්මම අනතුරු අඟවනවා. මෙහෙම තත්වයකට මුහුණ දීලා ඉන්න අපිට ලෝකය ඇතුලේ නිර්මාණය වෙලා තියෙන වෙළඳ යුද්ධයේ ආනිසංසත් බුක්ති විඳින්න වෙනවා.
ඒ වගේම නැවත වටයකින් මැද පෙරදිග යුද්ධයක් ඇවිලෙන්න පුළුවන්. ඇමරිකාවෙන් අපේ ඇඟළුම් ක්ෂේත්‍රය ඉලක්ක කරපු තීරු බදු පැනවෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඊළඟ වටයේ තීරු බදු දැලට අපේ ඇඟලුම් කර්මාන්තය අහුවෙන්න තියන ඉඩ වැඩියි. තීරු බදු පැනවීමේ සීමාව කොච්චරද කියලා අපිට කියන්න බෑ. හැබැයි ඒක 10% න් උඩ ඕනිම අගයක් දක්වා යන්න පුළුවන්. ඊට අමතරව අප්‍රියෙල් මාසේ මුල් සතියේ ඉන්දියන් අගමැති මෝදී මෙහේ එනවා.
මේ වෙලාවේ මෝදිගේ පැමිණීම දේශපාලන වශයෙන් ආණ්ඩුවට වාසි සහගතයි. හැබැයි මෝදි මේ එන්නේ අනුරගේ ඉන්දියානු සංචාරයේදී අනුරගේ අනුමැතියකින් තොරව මෝදි කළා කියලා විජිත හේරත් කිව්ව සැලසුම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පදනම දාලා යන්න. මෝදිලා කවදාවත් අපේ උතුරේ ධීවර ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්නේ නෑ. හැබැයි ශ්‍රී ලංකාව ආර්ථික සහ දේශපාලන වශයෙන් ගිල ගන්න අවශ්‍ය මැදිහත්වීම කරමින් ඉන්නවා.
මන්නාරම් සුළං බලාගාරය හදන්න ආපු අදානි ඒක දාලා ගියා. අදානි ඒ බව BOI එකට දන්වලා තිබුණා. ඒ දවස්වල මෙහේ මැති ඇමතිලා හිටියේ අදානි එලෙව්වා වගේ මූඩ් එකක. දැන් හැබැයි අදානි ආය එනවා. එන්නේ ආණ්ඩුව අදානිගේ කොන්දේසිවලට යට කරගෙන. මෝදිගේ ගමන ඇතුලේ ඉන්දියාවට නෙවෙයි අනුරවත් අදානිට යටත් කරනවා. දැන් අනුර බොහෝ දුරට ඉන්දියාවට කොටුවෙලා ඉවරයි.
මෝදිගේ ඉලක්කය එට්කා ගිවිසුම ඉක්මන් කරන එකයි. දැන් අනුරට ඒ ගැන උත්තරයක් මෝදිට දෙන්න වෙනවා. අනුරට මේ එකකටවත් බෑ කියන්න පුළුවන්කමක් නෑ. අනුර ඒ තරමට මෝදි ඉස්සරහා තමන්ගේම රාජ්‍ය තාන්ත්‍රික පෞරුෂය බිඳගෙන ඉවරයි. ඒ වගේම පහුගිය මැතිවරණය දෙකේදීම අනුර උතුරේ ජනතාවට බලය බෙදීමේ පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව සහ ඉන්දියාවට දුන්න ආර්ථික සහයෝගිතාවයේ පොරොන්දු එකට ගැට ගහලා වැඩේ කරගන්න තමයි මෝදි එන්නේ.
ඇත්තටම පලාත් පාලන මැතිවරණයෙන් පස්සේ එන කාලය අනුරටයි අපිටයි හොඳ කාලයක් නෙවෙයි. මේ තියෙන ප්‍රශ්න ඩබල් ට්‍රිබල් වෙන කාලයක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.