වසර 40 කට අධික කාලයක් භුත්ති විදීණු ලබන පියා සතු වාරි ඉඩමේ මුල් අයිතිය ඉල්ලා මහවැලි අධිකාරියට කල ඉල්ලීම, එකී අධිකාරියට අයත් නොවන බැවින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් සිදු කර ඇත. ඒ අනුව එම ආයතනය විසින් වසර දෙකකට ආසන්න කාලයක් සිදූකල විමර්ශනවල ප්‍රතිපලයක් ලෙස මෙකී ඉඩම පවුලේ වැඩිමලා වෙත ලබා දී ඇතත් පසුව එය රජයට භාරදීමෙන් අනතුරුව එහි මුල් අයිතිය අදාල පාර්ශවකරුවන්ට ලබාදීමට කටයුතු කරන මොහොතේ අගුණුකොළපෑලැස්ස මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමණාකරු විසින් නින්දෙන් ඇහැරුණා සේ එකී ඉඩම මහවැලි අධිකාරියට අයත් ඉඩමක් බැවින් ඉදිරි කටයුතු සිදූ නොකරන ලෙස ප්‍රාදේශිය ලේකම් දැනුවත්කර ඇති බවට වාර්තා වේ. එමෙන්ම අදාල ලිපි ගොනුව මහවැලි අධිකාරිය වෙත ගෙන්වාගෙන, මෙකී ඉඩමේ මුල් අයිතිය ලබාදීම වසර තුනකට අධික කාලයක සිට කල් මරමින් පසුවේ.
මෙකී ඉඩමේ වසර 40ක සිට භුක්තියේ පසුවනු ලබන්නේ ඉඩමේ මුල් අයිතිකරුගේ පුතෙකු හා දියණියක් වූ බටඅත, ගජමන්ගම, අංක 14 සහ අංක 14/1 යන ලිපිනවල පදිංචි ඩබ්.කේ. සිරිපාල හා ඩබ්.කේ. සැමිනෝනා යන අය වලුන් ය. මෙම ඉඩමෙහි මුල් අයිතිය ලබාදීම පිලිබදව සලකා බැලීම සදහා අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති කාර්යාල පරික්ෂණයේදී පවුලේ දෙවැනියා වූ ඩබ්.කේ. පියසේන යන අය විසින් මුල් අයිතිය ලබාදීමට එරෙහි වී ඔහුට මුල් අයිතිය ඉල්ලා ඇතත් ඉඩම් සංවර්ධන ආඥා පනතෙහි එවකට තිබූ ප්‍රතිපාදන මත මෙකී ඉඩමේ මුල් අයිතිය පවුලේ වැඩිමල් සොයුරා වූ දොන් චාර්ලිස් වීරසිංහ කුලතුංග වෙත ලබාදීමෙන් අනතුරුව ඔහු විසින් එකී ඉඩම නැවත රජයට භාරදී එකී ඉඩමෙහි භුක්ති විදිනා ආකාරයට ලබාදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා ඇත. එකී බලපත්‍රය රජයට භාරදෙන අවස්ථාවේ, මහවැලි අධිකාරිය අගුණුකොළපැලැස්ස විසින්, එකී ඉඩම මහවැලි ඉඩමක් බව සදහන්කර, අදාල සියළු ක්‍රියාමාර්ග අත්හිටවා, අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම්ගෙන් අදාල ලිපි ගොනුව නිත්‍යානූකූලව ගෙන්වාගෙන, වසර තුනක සිට අදාල පාර්ශවකරුවන් අගුණුකොලපැලැස්ස මහවැලි අධිකාරියට හා ඇඹිලිපිටිය නේවාසික ව්‍යපාර කළමණාකාර කාර්යාලය වෙත වසර තුනක සිට ගෙන්නවමින් රස්තියාදූ කරන ඇති අතර ලබාදී ඇති සියළු ලිපි ගොනු හා ලේඛන වරින් වර අවස්ථා කීපයකදීම අස්තාන ගතකර නැවත නැවතත් එම ලිපි ගෙන්නා දෙන ලෙස මොවුන්ට බලපෑම්කර ඇත. එමෙන්ම ලිපි ගොනුවේ පවත්නා සමහර ලේඛන විකෘති කර ඇති බවට වාර්තා වේ.
මේ ආකාරයටම අදාල ලේඛන විකෘති කරණු ලබන්නේ හා ලිපි ගොනු දිගින් දිගටම අස්තාන ගත කරනු ලබන්නේ, මොවුන්ගේ දෙවැනි සහෝදරයා වූ පියසේන යන අයගේ දියණියගේ විවාහක ස්වාමි පුරුෂයා වූ අගුණුකොළපෑලැස්ස මහවැලි අධිකාරියේ කාර්යාල සහායක හෙවත් පියුම් ලෙස සේවයේ නියුතු උඩගෙදර ධම්මික යන අය විසිනි. එමෙන්ම 2022 වර්ෂයේදී මහවැලි අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරින් ඇඹිලිපිටිය වෙත පැමිණ මෙම ගැටළුව පිළිබදව කල පරික්ෂණයේදී, පියසේන යන අයට වෙනත් මහවැලි ඉඩමක් තිබෙන බැවින් මෙකී ඉඩමේ මුල් අයිතිය අදාල පාර්ශව කරුවන්ට ලබාදෙන ලෙසට උපදෙස් ලබාදී තිබියදී, මෙතෙක් එකී මුල් අයිතිය ලබාදීමකින් තොරව මහවැලි අධිකාරියේ සියලු නිලධාරීන් නීතිය නමා කටයුතු කරණු ලබන්නේ ධම්මික උඩගෙදර යන අයගේ කියුම් බසට බව අදාල පාර්ශව කරුවන් අප සමග කියා සිටීහ.
කෘෂිකර්ම ක්ෂේත්‍රෙය් දැවැන්තයා වන මහවැලි අධිකාරියට නැවත පනදීමට කටයුතු කරනා බවත්,මහවැලි පුනරුදය නැවත ඇති කරන බවත් ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමති සුසිල් රණසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවත්, මහවැලි අධිකාරියට නැවත පනදීම ලෙහෙසි පහසු කාර්ය්යක් නොව, මහවැලි අධිකාරිය ඉතාම දූෂිත ආයතනයක් බවට පත්ව ඇත. එකී ආයතනයේ සේවයේ නියුතු සමහර නිලධාරින් රුපියල් ශතවලට වැඩ කරමින් සේවාලාභින් අගතියට පත්කරයි. එම අධිකාරියේ නිලධාරිගේ වරදින් නම් වෙනස් වීමෙන් ප්රතිලාභියට ලැබී ඇති ඉඩම අහිමිකර එම ඉඩම වෙනත් පාර්ශවයන්ට ලබාදී ඇති බවට අපවෙත පැමිණිලි රැසක් ලැබී ඇත. මෙම මහවැලි අධිකාරියට පනදීමටනම් මුලින්ම කළයුත්තේ මෙවැනි විෂම ක්‍රියා සිදූකරණ දූෂිත නිලධාරින් ක්ලීන් කිරීම තුලින් පමණි.
සටහන – තරංග එල් පටබැදි.