ස්කයිප් ඔස්සේ සිදු කරන පළමු හදුනාගැනීමේ පෙරට්ටුව අද

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ස්කයිප් තාක්ෂණය ඔස්සේ හදුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු වේ. වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට ගෙන ආ නව සංශෝධනය අනුව මේ සදහා ප්‍රතිපාදන සකස් වී ඇත.

ගණේමුල්ල සංජීවගේ ඝාතනය ඇතුළු මේ වන විට පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධ නඩු කටයුතුවල චූදිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබද ගොඩ නැගී ඇති අනාරක්ෂිත තත්වය මත මෙම ක්‍රියාව සිදු කරයි.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉහත කී පරිදු අද හදුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වෙන්නේ ක්ලබ් වසන්ත ඝාතන නඩුවට අදාළවය.

 

Social Sharing
නවතම පුවත්