මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකීකයන් 14 ක් දිවයිනට!

cybercrime camps in Myanmar

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු මුදවාගෙන දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. විදේශ අමාත්‍යාංශය පවසන අන්දමට අනුව මෙම පිරිස අතරින් තරුණයින් 10 දෙනෙකු සහ තරුණියන් 04 දෙනෙකු සිටින බවයි.

මෙම පිරිස මියන්මාරයේ සයිබර් කඳවුරුවලින් මුදා ගෙන ඇති අතර පසුව දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබුණු අතර පසුව මෙම පිරිස තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් ලබා දී ඇති බවට වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන ආකාරයට ශ්‍රී ලංකා රජය සිදුකළ අඛණ්ඩ රාජතාන්ත්‍රික ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම මුදාගැනීම් සිදුකිරීමට හැකි වූ බවයි.

Social Sharing
අවකාශය නවතම