2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පසුගියදා තීන්දු කළා.
ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.
ඒ අනුව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.