ශ්‍රව්‍යාබාධිත සහ දෘශ්‍යාබාධිත වැනි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාව දෛනිකව විවිධ අපහසුතාවයන් සඳහා මුහුණදෙන අතර එම අපහසුතා මගහැරීම වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශවීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණු කොටගෙන මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අන්තර්කරණ සහාය මධ්‍යස්ථානයක් විවෘත කිරීම, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම විශේෂ ස්ථාපිත කිරීම මගින් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ හදිසි දැනුම්දීමේ අංකයක්, ශ්‍රව්‍යාබාධිත මගීන්ට සන්නිවේදන පහසුවක් මෙන්ම තොරතුරු දැනගැනීමේ පහසුව වැනි සේවාවන් රැසක් මගී ජනතාවට හිමි වේ.
එහි කැපී පෙනෙන විශේෂත්වය වනුයේ මෙම උපකාරක කවුලුවේ (Help Desk) සේවය සඳහා විශේෂ අවශ්‍යතා සහිත සේවක පිරිස්ම යොදවා තිබීමයි. එමෙන්ම මෙම අවස්ථාවට සමගාමීව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය එළිදැක්වීම ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැමිණ සිටි පිරිස අමතමින් පවසා සිටියේ මෙවැනි සමාජ සද්කාර්යයන් දේශපාලනීකරණය වියයුතු නොමැති බවත්, සෑම කටයුත්තකටම දේශපාලනය සම්බන්ධ කරගැනීමෙන් සමාජය යාවත්කාලීන කළ නොහැකි බවත්ය. එමෙන්ම සමාජමය පරිවර්ථනයක් සිදුකිරීමට නම්, අප සමග ජීවත්වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට නැගී සිටීමට මේ ආකාරයෙන් සහෝදරාත්මක දෑත් දිගුකළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රථම දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් වසන්ත ද සිල්වා මෙහිදී අදහස් ප්‍රකාශ කළ අතර ඔහු පවසා සිටියේ “ආබාධිත ජනතාවට පොදු ප්‍රවාහනයේ විශාල ගැටලු තිබෙනවා. පොදු ප්‍රවාහනය ලක්ෂ සංඛ්‍යාත වූ ආබාධිත ප්‍රජාවට ප්‍රවේශාත්මක නැහැ. ඒ නිසා, ප්‍රධාන මානවීය අයිතියක්වන සංචරණීය අයිතිය පවා අපට අහිමිවෙලා තිබුණා. නිවෙස්වලට කොටුවෙලා ඉතාමත් ලතැවුලෙන් ජීවත්විමට සිදුවුණා. මේ තත්ත්වය වෙනස්කර නිර්බාධිත ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කරන්නට ජාතික ජන බලවේගය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි එක් පියවරක් තමයි අද මේ සිදු කරන්නේ. හෙට දවසේ මෙය තවත් සංවර්ධනය වී, නිර්බාධිත ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කර ආබාධිත ජනතාවට පොදු ප්‍රවාහනය බුක්තිවිඳීමේ පහසුකම් සළස්වන්නට හැකිවේවි. එමගින් ආබාධිත පිරිස් වලට රටේ සංවර්ධනයට දායකවීමේ හැකියාව ද හිමිවන බව පැහැදිළියි” යනුවෙනි.