“පොලිසියේ ක්‍රියාකාරකම් වීඩියෝ කල හැකියි නීතිය” නෙළුව පොලීසිය කඩයි.

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස පොලිස්පති නිල කාර්‍යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව පොලිස් නිලධාරීන් විසින් සිදුකරන රාජකාරී සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ ගත කිරීමට හැකියාවක් පවතින බවයි. ඒ අනුව මෙලෙස වීඩියෝ ගත කරන අවස්ථාවලදී ඇතැම් නිලධාරීන් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය සිදුකරන අවස්ථා මෙන්ම කිරීම වීඩියෝ ගත කරන ජංගම දුරකතන පොලිස් භාරයට ගැනීම හෝ අත්අඩංගුවට ගැනීම සිදුකරන අවස්ථා ද දැකගත හැකිය.

එම නිවේදනයට අනුව එවැනි සිද්ධීන් වීඩියෝ ගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බවත් යම් වරදක් වීඩියෝ ගත කරන අවස්ථාවේ දී එම සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් ය. එමෙන්ම එය අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශවයට මෙන්ම විත්ති පාර්ශවයට ද ප්‍රයෝජනයට ගත හැකි බවයි එම නිවේදනයේ තවදුරටත් පෙන්වා දෙන්නේ.

එම නිවේදනය

 sri lanka police

මෙවැනි පසුබිමක සිවිල් නිලධාරීන් තිදෙනෙක් මොරවක ප්‍රදේශයේ පුද්ගලයකු පරීක්ෂා කිරීමේ දී ඔහු විසින් මෙම නිලාධාරීන් තමාව පරීක්ෂා කරන අයුරු වීඩීයෝ කළා යැයි එම දුරකථනය උදුරාගෙන විනාශ කිරීමේ සිද්ධියක් වාර්තා වේ.

ඒ අනුව මොරවක දෙල්ලව පොලේගමවත්ත පදිංචි කේ.ඒ දුලිප් සේනාධිර යන අයව ඉකුත් දෙසැම්බර් මස 19 වන දින ප.ව. 2.00  පමණ දෙල්ලව ගාල්ල ප්‍රධාන මාර්ගයේ හප්පිටිය මජ්ජුවානාවත්ත අසල යතුරුපැදිය නවතා  දුම් වැටියක් පානය කරමින් සිටියදී  එම ස්ථානයට සිවිල් ඇඳුමෙන් පැමිණි නෙළුව පොලිස් ස්ථානයේ නිලධාරීන්  සිව් දෙනෙක් ඔහුව පරීක්ෂා  කර ඇත. තමා පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් ඔහු සහ යතුරුපැදිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එක් පොලිස් නිලධාරියෙකු  අසල වූ තේ ඉඩමට ගමන් කරන  අයුරැ දැක, ඔහු ගැන  සැක සිතුණු මොහු එම දර්ශන වීඩියෝ කිරීමට උත්සහ ගත් අවස්ථාවේ අනෙක් නිලධාරීන් තිදෙනා පහරදී ඇති අතර එමෙන්ම මොහුගේ ජංගම දුරකථනය උදුරා ගෙන බිම දමා විනාශ කර ඇත .

තේ ඉඩමට ගමන් කළ නිලධාරියා යම් පාර්සලයක් ගෙන මෙන්න බඩු අසූනා යැයි පෙන්වා,  එම ස්ථානයේදී මොහුගේ ගෙලට සහ හිසට දරුණු ලෙස  පහරදි පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. පොලිස් සිරමැදිරියේදී මොහුට පහර දී ඇති අතර මොහුගේ මව විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිළි කොට එදින සවස නෙළුව මැදගම රෝහලට මොහු රැගෙන ගොස් ඇත. එහිදී මොහු සමග ගිය තවත් නිලධාරියෙකු සමග මොහු එළියේ  තබා, අනෙක් නිලධාරීන් දෙදෙනා ප්‍රධාන වෛද්‍යවරයා සිටි කාමරයට ගොස් ඔහු සමග විනාඩි දහයක් පමණ කතාකර, මෙම පුද්ගලයා වෛද්‍යවරයාට පෙන්වා ඇත මොහුගේ හිසට සහ පාදයට සිදුවූ තැලීම් තුවාල සහ වෙනත් අපහසුතා ගැන සැලකිලිමත් නොවී  කුඩා සීරීම් වගයක් ඇති බව පවසා එම වෛද්‍යවරයා ප්‍රතිකාර නොදී මෙම පුද්ගලයාව පිටත් කර ඇත.

පසු දින මොහු උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන යන අතරතුර,  පහරදීමෙන් සිදුවූ අපහසුතාවය මත මොහුට වාහනය තුළදීම වමනය ගොස් ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමේදී මොහුට නගා ඇති චෝදනාව වී ඇත්තේ ගංජා සුරුට්ටුවක් ලඟ තබා එම වරදට වැරදිකරු ලෙස ප්‍රකාශ කරන ලදි. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

එම සිදුවීම සම්බන්ද වීඩියෝව පහතින්..

https://fb.watch/ynFEc3Gfsq/

Social Sharing
අවකාශය නවතම