කොළඹ ඉන්න කෙනෙකුගේ අවම මූලික අවශ්‍යතා වෙනුවෙන් මාසෙකට යන වියදම

2025 වසරේ ජනවාරි මාසයට අදාල වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් වී ඇති අතර මෙම සටහන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබයි.

එම සටහනට අනුව පුද්ගලයෙකුට මාසයක් තුළ සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන අවම මුදල වශයෙන් මෙම වසරේ ජනවාරි මාසයේ දී රු. 16,334 ක් ලෙසින් දක්වා ඇති අතර එය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වී තිබූණේ රු. 16,191ක් ලෙසිනි. ඒ අනුව එය පෙර මාසයට සාපේක්ෂව 0.88%ක අගයක වැඩිවීමකි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන අන්දමට 2025 ජනවාරි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ඊට පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබීම මෙලෙස දරිද්‍රතා සීමාව ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

දරිද්‍රතා රේඛා සටහන දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රකාශයට පත්කර ඇති අතර එහිදී ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එම වාර්තාවලින් පෙන්වා දෙන අන්දමට කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයෙකුට රු. 17,617ක මුදලක් සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වන බවත් අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රු. 15,618ක් ලෙස වාර්තා වේ.

Social Sharing
ආර්ථික පුවත්