Daily Reporter වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
අභියාචනාධිකරණය විසින් 2025 මාර්තු 6දා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනතට යටත් වන බවට තීන්දු කරන ලදි. එමඟින් පොදු කාර්යයන් ඉටු කරන වෘත්තීය ආයතනවලින් තොරතුරු ලබා ගැනීමේ පුරවැසියන්ගේ අයිතිය තවදුරටත් ශක්තිමත් වන බව නීති විශේෂඥයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය ස්වයං-නියාමන ආයතනයක් වුවද, ගිණුම්කරණ වෘත්තිය කෙරෙහි ව්‍යවස්ථාපිත අධිකාරියක් දරන බවට තොරතුරු කොමිෂන් සභාවේ තීරණය අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ වැඩි විනිවිදභාවයක් සහ යහපාලනයක් සඳහා සන්ධිස්ථානීය පියවරක් ලෙස නීති විශේෂඥයින් මෙම තීන්දුව සලකයි.
RTI පනත යටතේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් තොරතුරු ඉල්ලා සිටි පෙත්සම්කරුවෙකුට තොරතුරු ලබාදීම ආයතනය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එම පුරවැසියා විසින් මෙම නඩුව ගොනු කරන ලදී. එහිදී මතු කරන ලද තර්කය වන්නේ එය ‘පොදු අධිකාරියක්’ නොවන බවයි.
තොරතුරු කොමිෂන් සභාව එම තොරතුරු ලබාදිය යුතු බවට තීන්දුවක් ලබා දීමෙන් පසු, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය අභියාචනාධිකරණයේ තීන්දුවට අභියෝග කළ අතර, අවසානයේ අභියාචනාධිකරණය කොමිසමේ තීන්දුව තහවුරු කළේය.
RTI සහාය සඳහා, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ වන්න.