රට යවන ඒජන්සි ගැන හරි තොරතුරු ලබාගැනීමට දුරකථන අංකයක්

විදේශ රැකියා ලබාගැනීමේදී පෞද්ගලික රැකියා නියෝජිත ආයතන සම්බන්ධව විශ්වාසදායක තොරතුරු ලබාගැනීම සඳහා ‘1989’ ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙස විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එතුමා මෙලෙස ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ පැවැති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශන කාරක සභාවේදීය.

වර්තමානය වනවිට විදේශ රැකියා ලබාදෙන බවට බොරු ප්‍රකාශ කරමින් පුද්ගලයනට වංචා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අනුමත කරන ලද නියෝජිතායතන සහ ගාස්තු පිළිබඳ සියලු තොරතුරු කාර්යාංශයේ වෙබ් අඩවියෙන් සොයාගත හැකි බව ද මෙම රැස්වීමේ දී අමාත්‍යාංශ නිලධාරීහු කමිටුවට දන්වා සිට ඇත.

ඒ අනුව කිසියම් ආයතනයක් හෝ පාර්ශ්වයක් අනුමත මුදලට වඩා වැඩි මුදලක් අයකරන්නේ නම් හෝ බලපත්‍රයක් නොමැතිව මේ අයුරින් පුද්ගලයන්හට විදේශ රැකියා ලබාදීමේ ක්‍රියාවලියක නිරත වන්නේ නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ගොනුකළ හැකි බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම පුවත්