2025 වසරේ මුල් මාස තුනට පැමිණිළි 1401ක්! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

national child protection authority

2025 වසරේ ගෙවුණු මුල් මාස තුන ඇතුළත ළමා ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි 1401ක් ලැබී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි.

ඒ අනුව පසුගිය මුල් මාස ත්‍රිත්වයේ වැඩිම පැමිණිළි සංඛ්‍යාවක් ලෙස පැමිණිළි 332ක් ලැබී ඇත්තේ ළමයින්ට එරෙහිව කෲරත්වය සම්බන්ධයෙනි.මීට අමතරව ළමයින්ගේ භාරය හා ආරක්ෂාව පිළිබඳ පැමිණිළි 352ක් ද, වයස අවුරුදු 16ට අඩු ළමයින් පාසල් නොයැවීම සම්බන්ධයෙන් පැමිණිළි 279ක් ද ජාතික ආරක්ෂක අධිකාරියට ලැබී ඇති බවට වාර්තා වේ. එමෙන්ම ළමයින් සිඟමනේ යෙදවීම පිළිබඳ පැමිණිළි 39ක් ළමයින්ට ලිංගික අතවර කිරීම පිළිබඳව පැමිණිළි 104ක් ද ළමයින් තුවාල කිරීම් සම්බන්ධයෙන් පැමිණිළි 56ක් ද, සහ උපදේශනය මනෝ සමාජ සහාය අවශ්‍ය ළමයින් පිළිබඳ පැමිණිළි 23ක් ද ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වී ඇති බවට සඳහන් වේ.

 

Social Sharing
අවකාශය නවතම