මාර්තු මාසයේ අස්වැසුම ප්‍රථිලාභ දීමනාව සදහා රුපියල් කෝටි 1259ක් අද (12) දින අදාල ප්‍රථිලාභීන්ගේ ගිණුම් වෙත යොමු කිරීමට සමාජ සුභ සාධක ප්‍රථිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව අස්වැසුම ප්‍රථිලාභී පවුල් දාහත්ලක්ෂ තිස්දෙදාහස් දෙසීය හැටතුනක් (17,32,263) සදහා මෙම මුදල් වෙන්කර ඇති බව සමාජ සුභ සාධක ප්‍රථිලාභ මණ්ඩලය පවසයි.
නව රජය විසින් ඉදිරිපත් කළ අය වැය යෝජනා අනුව අස්වැසුම ප්‍රතිලාභ දීමනාව වැඩි කරනු ලැබූ අතර, එය අප්‍රේල් මාසයෙන් පසුව ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
මේ අතර, අඩු ආදායම් ලාභීන් සවිබල ගැන්වීම සදහා සිදු කෙරෙන ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය ණය මුදල් ලබා දීම සඳහා සමෘද්ධි අරමුදලෙන් රුපියල් බිලියන 55ක් වෙන් කිරීමට රජය යෝජනා කර ඇති බව ජනාධිපතිවරයා පවසයි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ඊයේ (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී මේ අදහස් ජනාධිපතිවරය විසින් පවසා තිබුනි.