වෛද්‍යවරියගේ සිදුවිමට දිවයිනේම වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (12) පෙ.ව. 8 සිට දීප ව්‍යාප්ත පැය 24ක සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.

එම සංගමය පැවසුවේ වර්ජනය සිදු කලද හදිසි ප්‍රතිකාර සේවා කිසිලෙසකින් හෝ අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්ව‍ල ක්‍රියාත්මක නොකිරීමටත් එම සංගමය තීරණය කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටුව ඊයේ (11) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබුණා.

Social Sharing
අවකාශය නවතම පුවත්