නීති විරෝධීව හමුදාව හැරගිය පුද්ගලයින් 875ක් ඒ සඳහා ක්‍රියාත්මක මෙහෙයුමෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙනවා.
එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, ඒ අතර යුධ හමුදාවෙන් පළා ගිය සෙබළුන් 704ක් හා නිලධාරීන් දෙදෙනෙකු සිටින බවයි.
එමෙන්ම, අත්අඩංගුවට ගෙන ඇති නාවික හමුදාවෙන් පළා ගිය පුද්ගලයින් සංඛ්‍යාව 73 ක් බවද සඳහන්.
ගුවන් හමුදාව නීති විරෝධිව හැර ගිය පුද්ගලයින් 100ක් ද අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා නියෝග කළා.
මෙම නියෝගය නිකුත් කළේ, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා විසින්.
ඒ අනුව දැනුම්දීමකින් තොරව හමුදාවෙන් පලා ගොස් සිටින සියලු හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා ලෙස, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා.