සිසුන් බස්සැවූ කොන්දස්තරවරට එරෙහිව විනය ක්‍රියාමාර්ග

Disciplinary action against conductor who dropped off students

පාසල් සිසුන් පිරිසක් බලහත්කාරයෙන් බස් රථයෙන් බැස්සවූ සිද්ධියක් නුවරඑළියේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එලෙස එම පාසල් සිසුන් පිරිස බස්සැවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් කොන්දස්තරවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වීඩියෝවක් සංසරණය වූ අතර එම දර්ශනවලින් පෙනීයන්නේ අදාල කොන්දොස්තරවරයා රළු ලෙස හැසිරෙන ආකාරය සහ වාර ප්‍රවේශපත්‍ර තිබූ සිසුන්ට බස් රථයෙන් බැසීමට බලකරන ආකාරයයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ එම කොන්දොස්තරවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත්කර ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය අවසන් වන තුරු කොන්දොස්තරවරයාට නැවත සේවයට එක්වීමට ඉඩ නොදෙන බවත් ඔහු පවසා සිටියේ ය. එමෙන්ම බස් කොන්දොස්තරවරයාට එරෙහිව දැනටමත් විනය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කලක සිට මෙලෙස බස් වාර ප්‍රවේශ පත්‍ර සහිත පාසල් සිසුන් සහ පුරවැසියන් මඟහරිමින් සේවා ක්‍රියාත්මක කරන බව නොරහසකි. බොහෝ අවස්ථාවන්වල දී මෙලෙස පාසල් සිසුන් බස් රථයෙන් මඟින් බස්සවන අතර නැතහොත් ඔවුන්ව බස් රථයට නංවා නොගැනීමක් සිදුකරයි. මේ අයුරින් ක්‍රියාකරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව පැමිණිලි ගොනුකළ හැකි බවට මෑතකදී තීරණය කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පෙන්වා දුන් අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ මෑතක පැවැත්වූ රැස්වීමකදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසුවේ ඕනෑම පුරවැසියෙකුට 1958 යන ක්ෂණික දුරකථන අංකයට අමතා එවැනි සිදුවීම් වාර්තා කළ හැකි බවයි. එම අවස්ථාවන්වල දී එවැනි විෂමාචාර ක්‍රියාවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවට අමාත්‍යවරයා සහතික විය.

Social Sharing
අවකාශය නවතම