මාලිමා ආණ්ඩුවට වෙලා තියෙන්නේ කුමක්ද යන්න දැන් බොහෝ දෙනා විමසන ප්‍රශ්නයකි. එබඳු ප්‍රශ්නයක් ඇසීමට බොහෝ සිදුවීම් හේතු වී තිබේ. මේ සිදුවීම් බොහොමයක් බරපතළ විවේචන සහ විවාද වලට හේතු වී තිබේ. ආණ්ඩුවේ අයවැය ලේඛණය ඉදිරිපත් වන්නේ එබඳු විවාද පවතින පසුබිමක ය.
අයවැය ගැන බොහෝ දේ කියැවී, ලියවී තිබේ. නමුත් එමගින් මාලිමාවේ දේශපාලන දැක්ම අභියෝගයට ලක්ව ඇති ආකාරය ගැන එතරම් අවධානයක් යොමු වී නැත. අප උත්සහ කරන්නේ එම කරුණ පිළිබඳව සංවාදයකට ප්‍රවේශ වීම සඳහා ය.
දැනට සාකච්ඡා වී ඇති බොහෝ දේ ගැන නැවත කතා කිරීම අවශ්‍ය නැත. බොහෝ විද්වතුන් පෙන්වා දී ඇති පරිදි මෙම අයවැය නරක නැත. නමුත් එය එසේ වන්නේ ජාතික ජන බලවේගය තම මතවාදය අනුව එය සකසා ඇති නිසා නොවේ. ඔවුන් මුලින් ප්‍රතික්ෂේප කළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ රනිල් වික්‍රමසිංහ පාලනයේ එකඟ වූ කොන්දේසි පිළිගෙන කටයුතු කොට තිබෙන නිසා ය. ජාතික ජන බලවේගයේ විකල්ප මතවාදය පරාජයට පත්ව ඇති නිසා ය.
දේශපාලනය ඉදිරියට යන්නේ රටක ප්‍රශ්න පිළිබඳව දේශපාලන පක්ෂ කරන විග්‍රහයන් සහ ඒ අනුව ඉදිරිපත් කරන විසඳුම් අතර ගැටුම් සහ සංවාද වශයෙනි. එලෙස ම පසුගිය ජනාධිපතිවරණයට පෙර කාලයේ මෙරට ප්‍රධාන මතවාද දෙකක් තිබිණි. අපි ඒවාට ආඛ්‍යාන ( naratives ) යැයි කියමු.
ඉන් එක් ප්‍රධාන ආඛ්‍යානයක් වුයේ මෙරට ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව කලක් තිස්සේ අපි රටක් ලෙස ලබන ආදායමට වඩා වියදම් කරමින් එම වියදම් ණය මගින් පියවා ගැනීම බව යි. එයින් රට බංකොලොත් වී ඇති තත්ත්වය තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එක්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමත්, ආදායම් වැඩිකර ගැනීමත්, ආදායමට අනුව වියදම් පාලනය කිරීමත් අවශ්‍ය බව එම ආඛ්‍යානයෙන් කියැවිණි. රනිල් වික්‍රමසිංහ රජය එය ක්‍රියාවට නගා තිබිණි. විපක්ෂයේ සමගි ජන බලවේගයේ මතය වුයේ සංශෝධන සහිතව එම මාර්ගයේ ඉදිරියට යාම යි.
මෙම මාර්ගය වේදනාකාරී එකකි. ඒ සඳහා බදු වැඩි කිරීමට සහ විදුලිය වැනි සේවා ගාස්තු වියදමට අනුව නියම කිරීමටත් සිදුව තිබිණි. එම ක්‍රියා මාර්ග මහජනයාට පීඩාකාරී වී ය.
මේ අවස්ථාවේ ජාතික ජන බලවේගය කීවේ වෙනත් කතාවකි. ඔවුන් කීවේ සියලු ප්‍රශ්නවලට හේතුව දේශපාලඥයින්ගේ සොරකම් බව යි. එම සොරකම් නතර කළ පමණින් ජනතාවට සහන ලැබෙන බව ඔවුහු කීහ. ඇමතිගේ කොමිස් මුදල අඩු කළ විට ඛනිජ තෙල් මිල අඩුවන හැටි ඔවුහු ගණන් හදා පෙන්වුහ.
එමෙන් ම මෙරටින් සොරකම් කොට ඩොලර් බිලියන පනහකට වැඩි මුදලක් විදේශ රටවල සඟවා ඇති බව කී ජාජබ ය එම මුදල් රැගෙන විත් සියලු ප්‍රශ්න සැනෙකින් විසඳන බවට ජනතාවට පොරොන්දු වුහ.
ජාතික ජන බලවේගයේ මෙම ප්‍රථම අයවැය ලේඛණයෙන් පෙන්වා ඇත්තේ ඔවුන් සමාජ ගතකළ එම මතවාදය නැතහොත් ආඛ්‍යානය පට්ට පල් බොරුවක් බව යි.
yukthiya srilanka යූ ටියුබ් නාලිකාවේ ” අයවැයෙන් හෙළිකළ මාලිමාවේ බංකොලොත් දේශපාලනය වීඩියෝව පහත