” අනුර හදුනා ගත යුතු දේශපාලන ප්‍රතිවාදියා ” ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරට ඊළඟ දේශපාලන අභියෝගය එන්නේ එලියෙන් නෙවෙයි ඇතුලෙන් කියලයි. සමහරවිට ආණ්ඩුව නොහැකියාවන් එකක් සමස්ථ මාලිමාවම ජනතාව ප්‍රතික්ෂේප කලොත් පාර්ලිමේන්තු විපක්ෂය තුලින් හරි නැත්තම් එලියෙන් හරි විකල්ප නායකත්වයක් හැදෙන්න පුළුවන්. තවමත් ඒ බැටන් එක අරන් දුවන්න හදන නායකත්වයක් පාර්ලිමේන්තු විපක්ෂයේවත් එලියෙන්වත් නෑ.
හැබැයි ඒ හැකියාව තියෙන කීපදෙනෙක්ම පාර්ලිමේන්තු විපක්ෂයේ සහ ඉන් පිටතත් ඉන්නවා. කොහොම උනත් මාලිමාව ඇතුලෙන් මීළඟ නායකත්ව පෞරුෂය විදිහට මතු වෙමින් තියෙන්නේ හරිනි අමරසූරියයි. ඒක අපි කැමති උනත් අකමැති උනත් පිලිගන්න ඕනි. මේ රට ඇතුලේ ඒක තවමත් ඒ තරම් බරින් පිලිනොගත්තත් ජාත්‍යන්තර වශයෙන් ඒක පිලිගැනීමට ලක්වෙලා ඉවරයි.
රටේ රාළ දිගටම කිව්වේ හරිනි කියන්නේ ජවිපෙ ඉලක්ක කරගෙන මාලිමාව ඇතුලේ plant කරපු චරිතයක් කියලයි. 2012 අවුරුද්දෙන් පස්සේ ඉතාමත්ම සැලසුම් සහගතව ඉදිරියට ගෙනාව සහ තවදුරටත් ඉදිරියට ගෙනියන චරිතයක්. ඒ බව හොඳින් කියවා ගන්න පුළුවන් වෙන්නේ ජවිපෙ භාවිතාව හරියට කියවා ගත්තොත් විතරයි. ජවිපෙ කියන්නේ උපතේ ඉඳන්ම සමාජවාදය වෙනුවෙන් වගේම පළල් අධිරාජ්‍ය විරෝධයක් නියෝජනය කරපු දේශපාලන පක්ෂයක්.
එක අතකින් බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිවත් අනිත් අතින් ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිවත් කෙලින් හිටගත්ත දේශපාලන ව්‍යාපාරයක්. අපි දන්නවා 2008 වගේ කාලය වෙනකම්ම ජවිපෙ සෘජු ලෙසම අධිරාජ්‍ය විරෝධය නියෝජනය කළා.ඒ වගේම ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන සුපරීක්ෂාකාරී වුනා. හැබැයි සෝමවංශගෙන් පක්ෂ නායකත්වයට උදුරාගත් අනුර ප්‍රමුඛ හතරදෙනාගේ කල්ලියට ජවිපෙ ඇතුලේ තිබුණ බටහිර අධිරාජ්‍ය විරෝධය මරලා දැම්මා.
ඉන්දියානු ව්‍යාප්තවාදය සම්බන්ධව ජවිපෙ ඇතුලේ තිබුණ සුපරීක්ෂාකාරීත්වය මරලා දැම්මා. ඉස්සර ජවිපෙ ජනප්‍රිය වචන සෙට් එකක් තිබුණ බව ඔයාලටත් මතක ඇති. විප්ලවය, නිර්ධන පන්තිය, බටහිර අධිරාජ්‍යවාදය, ඉන්දියානු ව්‍යාප්තදය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ, CIA ඔත්තුකාරයෝ, රෝ ඔත්තුකාරයෝ වගේ වචන ගොඩක් තිබුණා. ඒවා එදා ජවිපෙ ශබ්දකෝෂයේ නිතර ඇහුණා. හැබැයි දැනට අවුරුදු දහයක, දොලහක ඉතිහාසය දිගේ පස්සට ගියොත් ඒ වචන පවා මරලා දැම්මේ හතර දෙනාගේ කල්ලිය බලය ගැනීමෙන් පස්සේ කියලා කියන්න පුලුවන්.
ජවිපෙන් එලියට ගිය විමල් දිගටම බටහිර අධිරාජ්‍යවාදය ගැන කතා කළා. හැබැයි ගොඩක් තැන්වලදී විමල්ගේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කතාව අතිශෝක්තියක් වෙලා ඒක ජනතාව අතර ජෝක් එකක් බවටත් පත්වුනා. ඒකෙන් පේන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ දැන් ලෝකය ඇතුලේ නෑ කියන එක නෙවෙයි. ඉන්දියානු මැදිහත්වීම් ඇතුලේ ආධිපත්‍යය පැතිරීම නැවතිලා කියන එක නෙවෙයි. බටහිර අධිරාජ්‍යවාදය සහ ඉන්දියානු ව්‍යාප්තවාදය තවදුරටත් ජීවමානයි.
ජවිපෙ වගේ ඒක ගැන කතා නොකර ඉන්න එකත් වැරදියි වගේම විමල් වගේ ඒක ගැන අතිශෝක්තියෙන් කතා කරන එකත් වැරදියි. මෙතනදී විමල්ගේ විග්‍රහයන්ගේ කිසිම දෙයක් ගන්න නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ.ජවිපෙට වඩා දශමයක් හරි විමල් අධිරාජ්‍ය විරෝධියෙක්. අධිරාජ්‍යවාදය සහ ඉන්දියානු ව්‍යාප්තවාද සම්බන්ධව ජවිපෙ ඇතුලේ තිබුණ සාකච්ඡාව මරලා දාන්නේ ජවිපෙ බටහිර අධිරාජ්‍යවාදයට යටත් වුනාට පස්සෙයි.
අද අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන ජවිපෙට කතා කරන්න බෑ. ඒකට හේතුව තමයි දැන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ එන්නේ ජවිපෙ හරහායි. ඉන්දියානු ව්‍යාප්තවාද එන්නෙත් ජවිපෙ හරහායි. ඒක නිසා මේ රට ස්වදේශීයකරණයෙන් විජාතිකකරණයට ලක්කිරීමේ ව්‍යාපෘති එන්නේ ජවිපෙ හරහායි. ඒ හරහා එයාලා ජවිපෙ විනාශ කරලා ඉවරයි. ජවිපෙ ආරම්භක දේශපාලන අරමුණුත් එක්ක සමපාත වෙන එක ජේවීපීකාරයෙක්වත් දැන් ජවිපෙ ඇතුලේ නෑ.
දැන් ජවිපෙ ඇතුලේ ඉන්නේ තවමත් රතු කමිසය අදින, රතු තොප්පිය දාන ටිල්වින්ලා වගේ හාන්සි පුටු විප්ලවාදීන් විතරයි.හතර දෙනාගේ කල්ලිය ආපු ගමන් කළේ ජවිපෙ වටේට දාලා තිබුණ සියලු වෛරස් ගාඩ් අයින් කරලා ඕනිම විෂ බීජයක් ඇතුලට ගන්න එකයි. ඒ හරහා සමාජවාදය ජවිපෙන් ගිලිහිලා ගිහින් අනික් සියලුවාදයන් ජවිපෙ ඇතුලට ඇවිත්. දැන් ජවිපෙ ඇතුලේ ලිබරල්වාදයේ ඉඳන් මුසාවාදය දක්වා හැම වාදයක්ම තියනවා. මුසාවාදය තමන් දැන් ජවිපෙ ඇතුලේ තියන බලවත්ම වාදය වෙලා තියෙන්නේ.
ජවිපෙ එදා තදින් පහරදුන් බෙදුම්වාදය අද ජවිපෙ ඇතුලේ තියනවා. දැන් ජවිපෙ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ. ජවිපෙ විසින් රට තුල අසංස්කෘතික මිනිසෙක් නිර්මාණය කරමින් ඉන්නවා. හරිනිලා හරහා ජවිපෙ ඇතුලට බෙදුම්වාදී මතවාදය, සමලිංගික මතවාදය, ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ NGO මතවාද ආවා. අද අනුර නීතීයානුකුල රාජ්‍යට යටින් තියන ත්‍රාඩ රාජ්‍යය ගැන කතා කරනවා. ඒ රාජ්‍යට පහරදීලා විනාශ කරන බවත් කියනවා.
හැබැයි අනුරලා අපේ රටේ රාජ්‍යට සමාන්තරව තියන බලගතු රටට හතුරු NGO රාජ්‍යය ගැන කතා කරන්නේ නෑ. අනුරලා දැන් දේශපාලන වශයෙන් යැපෙන්නේ ඒ මතවාදවලින්. දැන් ජවිපෙය කියන්නේ ජනතාවත් එක්ක දේශපාලන කරන ව්‍යාපාරයක් නෙවෙයි. දැන් ජවිපෙ කියන්නේ ඇමරිකන් තානාපති කාර්යාලයත් එක්ක දේශපාලනය කරන ව්‍යාපාරයක්. ඇමරිකන් තානාපති ජූලි චන්ග් තානාපති සේවයේ වගකීම්වලට වැඩිය කරන්නේ විවිධ දේශපාලන මැදිහතීවීම්.
ඒක නිසා අපේ රටේ දේශපාලන දිසානතිය තීරණය කරන්නේ ඇමරිකන් තානාපති කාර්යාලීය සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලීය ඒකාබද්ධ මෙහෙයුමකින්. ඒ මෙහෙයුමේ ප්‍රතිපලයක් විදිහට තමයි හරිනි ස්ථාන ගත කරලා තියෙන්නේ. දැන් එයාලා ජවිපෙ නායකයන්ගේ රුචි අරුචිකම් පවා හදුනාගෙන අවසානයි. මහා ලොකු විප්ලවවාදීන් පොඩි ලමයි ගානට අරන් තියනවා. මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.තවත් ලිපියකින් ඒ ගැන කතා කරමු.
හරි එහෙනං ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.