මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනා.
ඔවුන් යුද හමුදා බුද්ධි අංශයට අනියුක්තව සිටි විශ්‍රාම ගිය දෙදෙනෙකු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.
කෙසේ වෙතත් අදාළ සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියම කළා.
2008 වසරේ මැයි 22 වනදා දෙහිවල වෛද්‍ය පාර ප්‍රදේශයේ දී මාධ්‍යවේදී කීත් නොයාර් මහතාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදී තිබුණා.
ඊට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබුවා.
ඒ අනුව නවගත්තේගම සහ ඇලයාපත්තුව ප්‍රදේශවලදී මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් 42 සහ 46 වයස්වල පසුවන නවගත්තේගම සහ උලුක්කුලම ප්‍රදේශවල පදිංචි යුද හමුදා බුද්ධි අංශයට අනියුක්තව සිටි විශ්‍රාම ගිය දෙදෙනෙකු බවයි පොලීසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනවා.